ඇමරිකාවේ ජනාධිපති ලෙස නැවත බලයට පත් වු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගල්ෆ් කලාපයේ පළමු රාජ්‍ය සංචාරයේ කොටසක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමට නියමිතය.
ඔහුගේ දින තුනක සංචාරයට සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළත් වන අතර, ප්‍රධාන ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික පියවරයන් පිළිබඳ සාකච්ඡා ඊට ඇතුලත් වේ.
ඒ අනුව ට්‍රම්ප් මහතා මැයි 13 වනදා රියාද්හිදී සිය ගල්ෆ් සංචාරය ආරම්භ කලේය. අද (14) දිනයේ සෞදි අරාබියේ ගල්ෆ් සමුළුවකට සහභාගී වීමත්, කටාර් රාජ්‍ය බලා යාමත් සිදු විය. හෙට දිනයේදී ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමත් සමඟ ඔහුගේ සංචාරය අවසන් වනු ඇත.
අබුඩාබි හිදී, ට්‍රම්ප් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා හමුවී ඉහළ වටිනාකමක් ඇති ආයෝජන සහ තාක්ෂණික ගිවිසුම් මාලාවක් පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.