ජාත්‍යන්තර අවධානය දිනා ගනිමින් මැදපෙරදිග සංචාරය ආරම්භ කළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සෞදි අරාබිය ඩොලර් බිලියන 142 ක අවිආයුධ ගනුදෙනුවකට එළැඹුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෞදි අරාබිය, කටාර් රාජ්‍යය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගත් ට්‍රම්ප්ගේ මැදපෙරදිග සිව්දින නිල සංචාරයේ පළමු දිනයේදී සෞදි අරාබිය එක්වූ මේ අවි ගනුදෙනුව අමෙරිකානු ඉතිහාසයේ විශාලතම ආයුධ අලෙවිය බව ද වාර්තා වේ.
ඊට අමතරව සෙසු ආයෝජන ඇතුළත්ව දෙරට අතර ආයෝජන ගිවිසුම ඩොලර් ට්‍රිලියනය ඉක්මවනු ඇතැයි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් මහතා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. සෞදි අරාබිය තරම් ශක්තිමත් හවුල්කරුවෙක් අමෙරිකාවට නැතැයි දැවැන්ත ආයෝජන එකඟතාවට පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.
සංචාරය අතරතුර අමෙරිකානු ජනාධිපතිවරයා සිරියාවට සංවර්ධනය කරා ගමන් කිරීමට කාලය උදාවූ බව කියමින් මෙතෙක් සිරියාවට පනවනු ලැබූ සියලු සම්බාධක ඉවත් කරන බවට ද පොරොන්දු වී තිබේ.