Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මේ සති අන්තයේ ඩුබායි හි විශේෂ ඉසව් පෙළක්

May 16, 2025

ලෝකයේ දුප්පත්ම ජනපති මිය යයි

May 16, 2025

Dubai Free Zone මිනිත්තු 60 ක ව්‍යාපාර බලපත්‍ර සේවාවක් දියත් කරයි

May 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට ඇමරිකාවෙන් කෝටි 30 ක් වටිනා න්‍යෂ්ටික උපකරණ පද්ධතියක්
Sri Lankan news

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට ඇමරිකාවෙන් කෝටි 30 ක් වටිනා න්‍යෂ්ටික උපකරණ පද්ධතියක්

kumudikaBy kumudikaMay 16, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ වඩාත් ආරක්ෂිත ඉන්දියානු සාගර කලාපයක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් කෝටි 30ක් (අමෙරිකානු ඩොලර් මිලියනයක්) පමණ වටිනා අතිනවීන න්‍යෂ්ටික හඳුනා ගැනීමේ උපකරණ පද්ධතියක් ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය බලප්‍රදේශය තුළ න්‍යෂ්ටික, විකිරණශීලි සහ රසායනික තර්ජන හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙම අති නවීන විකිරණ සහ රසායනික හඳුනාගැනීමේ උපකරණ ලබාදුන් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

ඇමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනය (DOE/NNSA) සහ එහි න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ හා වැළැක්වීමේ කාර්යාලය (NSDD) හරහා සපයන ලද මෙම අති නවීන උපකරණ, ඊයේ (15) ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී නිල වශයෙන් භාර දී තිබේ.

මෙම උත්සවයට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් හා ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

2024 පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ DOE/NNSA අතර අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීමෙන් පසු සිදු කරන ලද පළමු ප්‍රධාන පියවර වන්නේ මෙම උපකරණ ලබාදීමයි.

න්‍යෂ්ටික සහ විකිරණශීලී ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම හඳුනාගැනීම සහ වැළැක්වීම සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණයි.

මෙම ප්‍රදානයට අමතරව, පසුගිය මාර්තු මාසයේ දී, එක්සත් ජනපද තානාපති කාර්යාලය, DOE/NNSA හරහා කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තයේ දී ඩොලර් 500,000ක් වටිනා නව විකිරණ හඳුනාගැනීමේ උපකරණ පරිත්‍යාග කළහ.

එමඟින් විකිරණශීලී ද්‍රව්‍ය හඳුනාගැනීමට සහ ගෝලීය සැපයුම්දාම සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා රේගුවට ඇති හැකියාව තවදුරටත් වැඩිදියුණු කරන ලදි.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2026 වසරේ එමීර් රාජ්‍යයේ මගී දුම්රිය සේවාව දියත් කිරීම එතිහාඩ් දුම්රිය සේවය තහවුරු කරයි
Next Article ICC ය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටි 25 ක් පිරිනමයි
kumudika

Related Posts

මේ සති අන්තයේ ඩුබායි හි විශේෂ ඉසව් පෙළක්

May 16, 2025

ලෝකයේ දුප්පත්ම ජනපති මිය යයි

May 16, 2025

Dubai Free Zone මිනිත්තු 60 ක ව්‍යාපාර බලපත්‍ර සේවාවක් දියත් කරයි

May 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.