විදුලි ගාස්තු ඉහල නැංවීමේ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරි දින කිහිපය ඇතුළට මහජන උපයෝගීතා කොමිසමට භාරදීමට නියමිතය.
පසුගිය සිකුරාදා මෙම යෝජනා භාරදීමට තිබුණද එය එදින භාරදී නැති අතර ඒ අනුව කඩිනමින් එය බාරදීමට නියමිතව තිබේ.
ඊට මහජන උපයෝගිත කොමිසමේ අනුමැතිය ලැබුණහොත් ජූනි මාසයේ සිට විදුලි ගාස්තු සංශෝධනය ක්රියාත්මක වේ.
මේ අතර පසුගිය මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුවේදී පමණක් පමණක් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන දහ අට ඉක්මවූ අලාභයක් වාර්තා කර තිබේ.
2024 පළමු කාර්තුවේදී විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 84ක ලාභයක් වාර්තා කළේය.
මෙම වසරේ මුල් කාර්තුවේදී මෙම අලාභය වාර්තා කර ඇත්තේ අඛණ්ඩව කාර්තු පහක් පුරාවටම ලාභ ලබා තිබෙන පසුබිමකය.