ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් (සියයට 70ක) පුරා මැණික් නිධි විහිදී තිබෙන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඇස්තමේන්තු කර ඇත. ලෝකයේ හමුවන මැණික් වර්ග 200 අතරින් මැණික් වර්ග 70ක් දිවයිනෙන් හමුවෙයි.
මෙතෙක් හඳුනා ගෙන නැති මැණික් නිධි හඳුනා ගැනීම මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනය විසින් නව තාක්ෂණය භාවිතයෙන් ආරම්භ කර ඇත. පසුගිය වසරේදී මෙම ව්‍යාපෘතිය යටතේ ඉංගිරිය, දෙහිඕවිට, අයගම සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මූලික මැණික් සිතියම්ගත කිරීමට පියවර ගෙන තිබිණි.
ඇස්තමේන්තු කර තිබෙන දිවයිනේ මැණික් නිධිවලින් සියයට 20ක් ගවේෂණය කර ඇත. හඳුනා ගෙන නැති මැණික් නිධි හඳුනා ගැනීම සඳහා නව තාක්ෂණය භාවිතයෙන් පර්යේෂණ සිදු කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන ඇත.
මාතලේ, බදුල්ල, පොලොන්නරුව, මාතර, ගාල්ල, කළුතර, රත්නපුරය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක භූගත මැණික් නිධි තිබෙන බව හඳුනා ගෙන තිබෙන අතර පරිසරයට හානි නොවන ලෙස මැණික් කැණීම් සඳහා නිර්නායක හඳුන්වා දී බලපත්‍ර නිකුත් කිරීම සිදු කෙරේ.
2024 වසරේදී ස්වර්ණාභරණ, දියමන්ති සහ මැණික් අපනයනයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 355ක ආදායමක් උපයා ගෙන තිබේ. 2025 වසරේ දී ආදායම ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.