නිල සංචාරයක් සඳහා නවසීලන්ත නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් මහතා දිවයිනට පැමිණ තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ වින්ස්ටන් පීටර්ස් මහතා ලබන 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවය.
මෙම සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, වින්ස්ටන් පීටර්ස් මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමග වෙළෙඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාවය, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්රවල සහයෝගිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික සාකච්ඡාව පවත්වනු ඇති බවයි.