2025 අප්‍රේල් මාසයේදීත් ජංගම ගිනුමේ අතිරික්තයක් පෙන්නුම් කලත් මාර්තු මස ඩොලර් මිලියන 459 ක් ලෙස වාර්ථා වු ජංගම ගිනුමේ ශේෂය අප්‍රේල් වන විට ඩොලර් මිලියන 178 ක් දක්වා ඩොලර් මිලියන 281 සැලකිය යුතු අන්දමෙන් පහත වැටී ඇත.

මෙයට ප්‍රධාන හේතු ලෙස මහ බැංකුව සදහන් කරන්නේ වෙළද භාණ්ඩ අපනයන වර්ධනයට වඩා (10.4% y-o-y) ආනයන වර්ධනය (17.5% y-o-y) වේගවත් වීමයි . මේ සදහා ප්‍රධාන වශයෙන් වාහන ආනයන සීමා ලිහිල් කිරීම හේතු වූ බව මහ බැංකුව සදහන් කර ඇත. ( ඩොලර් මිලියන 134)

ඒ අතර දළ නිලසංචිත ප්‍රමානය මාර්තු අවසන් වන විට ඩොලර් බිලියන 6.5 ක පැවතුන අතර එය අප්‍රේල් මස අවසන් වන විට ඩොලර් බිලියන 6.3 ක් දක්වා සුලු අඩුවීමකට ලක් වී තිබේ.

එමෙන්ම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේශන මාර්තු මස ඩොලර් මිලියන 693 නේ සිට අප්‍රේල් මස වන විට ඩොලර් මිලියන 646 ක් දක්වා අඩුවීමක් පෙන්නුම් කරයි.

මාර්තු මස වෙළද හිගය ඩොලර් මිලියන 396 සිට අප්‍රේල් මාසයේ හිගය ඩොලර් මිලියන 717 දක්වා වර්ධනය වී ඇත. දත්ත අනුව පෙනී යන්නේ අපනයන (මාර්තු ) ඩොලර් මිලියන 1242 සිට ( අප්‍රේල්) ඩොලර් මිලියන 968 කඩා වැටීම නිසා වෙළද හිගය වැඩි වී ඇති බවය.

Share.

Comments are closed.

Exit mobile version