එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය ( Sri Lankan Business Council) විසින් එමීර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත් වූ මහාචාර්ය අරූෂා කුරේ මැතිණිය පිළි ගැනීම සඳහා උත්සවයක් සංවිධානය කළහ. එම උත්සවය පසුගියදා පැවැත් වූයේ ඩුබායි හි Pullman Deira City හෝටල් පරිශ්‍රයේදීය.

මේ සඳහා ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර මහතා ඇතුළු කොන්සල් ජනරාල් කාර්යාලයේ නිළධාරීන් ඇතුළු ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

මෙහිදී ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා වන සුරේන් ස්වාමිනාදන් මහතා විසින් පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් සියළු දෙනාවම නව තානාපතිතුමියට හඳුන්වා දෙන ලදී. අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැමිණ සිටි පිරිස වෙනුවෙන් සූදානම් කර තිබිණි.


Share.

Comments are closed.

Exit mobile version