Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»කොලඹ වරාය නගරයේ ව්‍යාපාරික කුටි බදු දීම 80%  ක් අවසන්
Sri Lankan news

කොලඹ වරාය නගරයේ ව්‍යාපාරික කුටි බදු දීම 80%  ක් අවසන්

kumudikaBy kumudikaJune 4, 2025No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කොළඹ වරාය නගරයේ පිහිටා ඇති කාර්යාල සංකීර්ණය එහි ප්‍රධාන මෙහෙයුම්කරුවන් වෙත විධිමත් ලෙස භාර දීම උත්සවාකාරයෙන් සිදු කරන ලදි. මෙම විශේෂ උත්සවයට චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් ගෲප් හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චෙන් ජොං, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති හර්ෂ අමරසේකර, චයිනා හාර්බර් ඉන්ජිනියරින් කම්පැනි (CHEC) හි සභාපති බයි යින්ජෑන්, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ආයතනික කටයුතු) ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහ CHEC කොළඹ වරාය නගර පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සියොන්ග් හොංෆෙන්ග් ඇතුළු CCCC සහ CHEC හි සම්භාවනීය අමුත්තන් සහ කාර්යාල සංකීර්ණය කුලියට ගත් ගැනුම්කරුවන් ද සහභාගී වූහ.

2024 වර්ෂයේ මාර්තු මාසයේ දී නිල වශයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට යෙදුණු මෙම කොළඹ වරාය නගරයේ ව්‍යාපාරික මධ්‍යස්ථානය යනු, ව්‍යාපාරවලට තම මෙහෙයුම් කටයුතු සිදු කළ හැකි, දැනුම බෙදා ගත හැකි සහ ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දෙන, තොරතුරු තාක්ෂණික සහ ව්‍යාපාරික මධ්‍යස්ථානයකි.

මෙම සංකීර්ණය තුළ තොරතුරු තාක්ෂණික මධ්‍යස්ථානයක් සහ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ද ඇතුළුව ගොඩනැගිලි නවයක් අන්තර්ගත වේ. මේ වන විටත් කාර්යාල සංකීර්ණයෙන් 80% ක් පමණ ප්‍රමාණයක්, කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපය තුළ ව්‍යාපාර කටයුතු කිරීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව (CPCEC) විසින් ලියාපදිංචි කර අනුමත කරන ලද බලයලත් පුද්ගලයින් වෙත නිල වශයෙන්ම බදු දී අවසන් ය.

මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානය වෙත CCCC හි අනුබද්ධිත ආයතනයක් වන චයිනා හාර්බර් ඉන්ජිනියරින් කම්පැනි (CHEC) විසින් ඩොලර් මිලියන 5 ක සෘජු විදේශ ආයෝජනයක් සිදු කර තිබේ. රටවල් 145 ක් පුරා විහිදී ඇති සහ සේවා නියුක්තිකයින් 120,000 කට වඩා සේවයේ නිරත වන Fortune 500 සමාගමක් වන CCCC යනු, 1998 වර්ෂයේ සිටම ශ්‍රී ලංකාවේ විවිධ ඉදිකිරීම් සංවර්ධන ව්‍යාපෘතිවලට සම්බන්ධ වූ සමාගමකි.

ඔවුන් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කටයුතු සඳහා සම්බන්ධ වන්නේ ඔවුන්ගේම CHEC සමාගම හරහා වන අතර, කොළඹ වරාය නගරය යනු ඔවුන් විසින් එදා මෙදා තුර ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදු කරන ලද විශාලතම ව්‍යාපෘතියයි. මෙතැනින් නැවතීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති CCCC හි මීළඟ අරමුණ වන්නේ, කොළඹ වරාය නගරය සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගන්නා, දැනුම බෙදා ගන්නා සහ ශ්‍රී ලංකාවේ නව රැකියා උත්පාදනය වෙත දායක විය හැකි කලාපීය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි. මූලිකවම කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු මෙහෙයවන්නා වශයෙන් CHEC විසින් මේ වන විටත් ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් ආයෝජනය කර අවසන් ය. මෙය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විශාලතම සෘජු විදේශ ආයෝජනය වන අතරම, මෙය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයද වේ.

ව්‍යාපාර මධ්‍යස්ථානයේ කාර්යාල පරිශ්‍රයන් එම ප්‍රධාන මෙහෙයුම්කරුවන් හා ගැනුම්කරුවන් වෙත භාර දීමත් සමගම කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපය තුළ නිල වශයෙන් වාණිජ ක්‍රියාකාරකම් ආරම්භ වීම ද සිදු වනු ඇත. මේ හරහා කොළඹ වරාය නගරය ආසියානු කලාපය තුළ ආයෝජනය සඳහා සුදුසුම ස්ථානයක් බවට ආයෝජක විශ්වාසය තවත් ශක්තිමත් කරනු ඇත.

ව්‍යාපාර මධ්‍යස්ථානය තුළ බලයලත් පුද්ගලයින් ලෙස තම මෙහෙයුම් ආරම්භ කරන ගැනුම්කරුවන් සඳහා SEZ හි මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභ රාශියක් හිමි වනු ලැබේ. නුදුරේ දීම මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමග මෙම ව්‍යාපාර මධ්‍යස්ථානය, ව්‍යාපාර, ආයෝජන හා විනෝදාස්වාද කටයුතු සඳහා දකුණු ආසියාවේ වැඩිම ඉල්ලුමක් ඇති ස්ථානයක් බවට පත් වනු ඇති අතර, එය වටා ශ්‍රී ලාංකේය ආර්ථිකය ද තවදුරටත් වර්ධනය ද වීම ද ආරම්භ වනු ඇත.

කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා පිළිබඳ වැඩිදුර දැන ගැනීම සඳහා www.portcitycolombo.lk වෙත පිවිසෙන්න. තනි කවුළු ආයෝජන පහසුකම් සහ නියාමන පටිපාටිය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා www.portcitycolombo.gov.lk වෙත පිවිසෙන්න.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදකුණු කොරියාවේ නව ජනපති දිවුරුම් දෙයි
Next Article ඊද් නිවාඩුවට පෙර එමීර් රාජ්‍යයේ ගුවන් ගමන්වල ප්‍රවේශපත් මිල ගණන් 60% කින් ඉහළට
kumudika

Related Posts

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.