ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් ජාතික බදු සතියට සමගාමීව වාහන තොරතුරු ලබා දීමට පද්ධතියක් දියත් කර ඇත.

මෙය මහජනයාට තමන් ආනයනය කරන ලද වාහන පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකිවන පරිදි නිර්මාණය කර තිබේ.
මෙම පද්ධතිය හඳුන්වා දී ඇත්තේ ඕනෑම අයෙකුට තම නිවසේ සිටම ජංගම දුරකථනයකින් පහසුවෙන් වාහනයක ආනයනික තත්ත්වය පරීක්ෂා කිරීමට හැකිවීම සඳහාය.
එමෙන්ම ගැනුම්කරුවන්ට වාහන මිලදී ගැනීමට පෙර ඒවායේ නීත්‍යානුකූල භාවය තහවුරු කර ගැනීමට උපකාරී වේ.

වාහනයක් නීත්‍යානුකූලව ආනයනය කර ඇත්ද එය කොටස් වශයෙන් ගෙනැවිත් දේශීයව එකලස් කර ඇත්ද නැතහොත් එයට ව්‍යාජ අංක තහඩු තිබේද යන්න මෙම වේදිකාව මගින් තහවුරු කළ හැකිය.
පරිශීලකයන් තම දුරකථන අංකය ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය සහ වාහනයේ චැසි අංකය ඇතුළත් කළ යුතුය.