2025 මැයි මාසය අවසානයේ දී මහ බැංකුව සතු නිල සංචිත එක්සත් ජනපද ඩොලර් මිලියන 6,284 ක් ලෙස වාර්තා වී ඇත.

මෙය 2025 අප්‍රේල් මාසය අවසානයේ දී වාර්තා වී තිබුණු ඩොලර් මිලියන 6,327ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.7%ක සුළු පහළ යාමක් බව මහ බැංකුව සඳහන් කරයි.  2025 මැයි මාසය තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලියන 260.8ක ඩොලර් ප්‍රමාණයක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 4ක් අලෙවි කර තිබේ.

ඒ අනුව 2025 මැයි මාසය තුළ දී මහ බැංකුව ශුද්ධ වශයෙන් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය, ඩොලර් මිලියන 256.8 ක් වේ.

Share.

Comments are closed.

Exit mobile version