කොවිඩ් වෛරස රැල්ලක් ඇති බව පව­ස­මින් ජනතාව බිය ගන්වා නැව­ත ­ව­රක් සෞඛ්‍ය බල­ධාරීන් එන්න­ත්කර­ණ­යට සූදා­නම් වන බවත් ඒ තුළින් සිදු­වන්නේ වසං­ගත පාල­න­යක් නොව ලෝක බල­ව­තුන්ගේ අර­මුණු ඉටු කරන ජන­ග­හන පාල­න­යක් බව සිංහල වෛද්‍ය කේන්ද්‍රයේ සභා­පති දේශීය වෛද්‍ය මංජුල කීර­ගල මහතා පව­සයි.

සිංහල වෛද්‍ය කේන්ද්‍රයේ සභා­පති වෛද්‍ය මංජුල කීර­ගල මහතා මේ බව කියා සිටියේ එම කේන්ද්‍රය හෝමා­ගම ප්‍රදේ­ශයේ කැඳවා තිබූ මාධ්‍ය හමු­වක් අම­ත­මිනි. එහිදී තව­දු­ර­ටත් අද­හස් පළ කළ වෛද්‍ය මංජුල කීර­ගල මහතා මෙසේද පැව­සීය.

“පෙර පරිදි පී.සී.ආර්. පරී­ක්‍ෂ­ණ­ව­ලට හෝ එන්නත් ලබා ගැනී­මට යොමු නොවී ඉඟුරු, කොත්ත­මල්ලි, වෙනි­වැ­ල්ගැට වැනි දේශීය ඖෂධ පාන­යට වැඩි වශ­යෙන් යොමු වීම වැද­ගත්.

නැවත වරක් කොරෝනා වයි­ර­සය රට තුළ ව්‍යාප්ත වන බවට සෞඛ්‍ය බල­ධා­රීන් අන­තුරු අඟ­ව­නවා. ඉන්දි­යාවේ මෙප­මණ ප්‍රමා­ණ­යක් ලංකාවේ මෙප­මණ ප්‍රමා­ණ­යක් යැයි සංඛ්‍යා­ලේ­ඛන පවා ඉදි­රි­පත් කර­නවා. ඇත්තටම එහෙම දෙයක් නෑ. කොරෝනා වයි­ර­සය මැඬ­පැ­වැ­ත්වී­මට සෞඛ්‍ය බල­ධා­රීන් මවා­පාන තරම් බර­ප­තළ තත්ත්ව­යක් නැහැ. ගිය­ව­රත් අපි මේ බව රටට කීවා.

බෝවන සෙම්ප්‍ර­ති­ශ්‍යාව ඒකට ඉඟුරු, කොත්ත­මල්ලි, වෙනි­වැ­ල්ගැට ටිකක් තම්බල බිව්ව­හම සුව කර­ගන්න පුළු­වන්. වසර 1720ක පමණ සිට ප්‍රති­ශ­ක්ති­ක­ර­ණය වර්ධ­නය කර­ගන්න පානය කළේ ඉඟුරු , කොත්ත­මල්ලි , වෙනි­වැ­ල්ගැට. ඒ අනුව බලද්දි මේ වයි­ර­සය පාල­නය කර ගන්න ශරීර ප්‍රති­ශ­ක්ති­ක­ර­ණ­යට දේශීය ඖෂධ පානය කරාම හොඳ­ටම ප්‍රමා­ණ­වත්.

එදා බල­ධා­රීන් ජන­තාව බය කරලා එන්න­ත­කට තල්ලු කළා. ඒකෙන් වුණේ හද­වත් රෝග, අංශ­භාග රෝග ඇතුළු අතුරු ආබාධ 1291කට ජන­තාව ලක්වී­මයි. මේ බව අමෙ­රි­කාවේ ටෙක්සාස් ප්‍රාන්ත­යෙන් ලබා දුන් නඩු තීන්දු­ව­කින් පවා ඔප්පු වෙලා.

එවන් තත්ත්ව­යක් මත නැවත වරක් ජන­තාව බය කරලා එන්න­ත­කට තල්ලු කරන්න හද­නවා. යුරෝ­පය කොවිඩ් රැල්ල මඟ හරින වට­පි­ටා­වක , ආසි­යාව බය කරලා තමයි මේ එන්න­තට තල්ලු කරන්න හදන්නෙ. ජන­තා­වට කියන්නේ කොවිඩ් කියලා දෙයක් නෑ. තිබු­ණත් එය මුව ආව­ර­ණ­යක් පැල­ඳී­මෙන් පාල­නය කරන්න බැහැ.

කාබ­න්ඩ­යො­ක්ස­යිඩ් කියන්නේ බැහැර කළ යුතු දෙයක්. නමුත් එය නිසි ලෙස බැහැර කිරී­මට මුව ආව­රණ පැල­ඳීම බාධා­වක්. ඉන් සිදු­වන්නේ යළිත් වරක් අහි­ත­කර අම්ල කර ශරී­ර­ගත වෙලා මොළ­යට විෂ­බීජ යාමක්. වයි­ර­ස­යක් සොයා ගන්න නම් රුධිර පරී­ක්ෂා­වක් කරන්න ඕනෑ. පී.සී.ආර්. එක­කින් එය හොයන්න බෑ. බල­ධා­රීන් කරන්නෙ පී.සී.ආර්. කරල එන්න­ත­කට තල්ලු කරන්න මිස වයි­ර­සය පාල­නය කරන්න නොවෙයි. ඒ තුළින් සිදු­වන්නේ ලෝක බල­ව­තුන්ගේ න්‍යාය පත්‍ර­යට අනුව ජන­ග­හ­නය පාල­නය කිරී­මයි.”

සිංහල වෛද්‍ය කේන්ද්‍රයේ සංවි­ධා­යක ආයු­ර්වේද විශා­රද ඉන්ද්‍රානී සේනා­රත්න හසන් අලි මහ­ත්මිය –

ලෝක බල­ව­තුන් කිය­නවා ලෝක ජන­ග­හ­නය අඩු කරන්න ඕන කියල. බිලි­යන 800 කෝටි 700 දක්වා අඩු කළ යුතු බවට. අන්න ඒ අර­මුණ ඉටු­ක­රන්න තමයි මේ එන්නත දෙන්න හදන්නෙ.

පර්යේ­ෂ­ණ­යක් නොකොට කොවිඩ් 19 කියලා වැක්සින් එකක් හදලා දුන්නා. මේකට විරු­ද්ධව අමෙ­රි­කාව, නව­සී­ල­න්තය, උග­න්ඩාව ඇතුළු රට­වල් රැසක් අධි­ක­ර­ණ­යට ගියා. අපිත් නීති­මය පිය­වර ගත්තා. විදේ­ශීය අධි­ක­ර­ණ­ව­ලින් නියෝග ලබා දුන්නේ ඒ එන්න­ත්ක­ර­ණය වැරදි බව­ටයි. යළි පී.සී.ආර්. කරන්න හදන්නෙ, මාස්ක් පල­ඳින්න කිය­නවා. ලෙඩක් නැතුව ලෙඩක් මවා පානවා. ඒකට හේතුව තමයි එන්නත් දෙන්න. අපි බල­ධා­රීන්ට කිය­නවා පසු­ගිය පාල­කයෝ වගේ බල­හ­ත්කා­ර­යෙන් ජන­තා­වට එන්නත් කරන්න හදන්න එපා. සිංහල වෛද්‍ය කේන්ද්‍රයේ ලේකම් දේශීය වෛද්‍ය ගයනි රණ­සිංහ මහ­ත්මි­යද අද­හස් දැක්වූ­වාය.

Share.

Comments are closed.

Exit mobile version