Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජර්මනියේ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජනයට ආරාධනා
Sri Lankan news

ජර්මනියේ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජනයට ආරාධනා

kumudikaBy kumudikaJune 14, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව ආයෝජන අවස්ථා පවතින හෙයින් එම ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා ජර්මානු ආයෝජකයින්ට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ දී පැවසීය.

ජනාධිපතිවරයා ඊයේ (13) පෙරවරුවේ බර්ලින්හි වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේ දී සංචාරක සහ චාරිකා කර්මාන්ත සංගම් (Tourism and Travel Industry Associations) සහ බැහැර චාරිකා මෙහෙයවන්නන් (Outbound Travel/Tour Operators) සමඟ හමුවකට සහභාගී වූ අවස්ථාවේ මේ බව කීවේය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසරභාවය වෙනුවෙන් රජය ගෙන ඇති සාධනීය පියවර පිළිබඳව මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා සංචාරක පහසුකම් වැඩි කිරීම, ප්‍රවර්ධන වැඩපිළිවෙළ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පෙන්වා දුන්නේය.

තිරසාර සංචාරක ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇති බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

සංචාරක කර්මාන්තයේ මානව සම්පත සංවර්ධනය කිරීම, සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම, සංස්කෘතික හා පාරිසරික සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය, පරිසරය ආරක්ෂා කර ගැනීම ආදි කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවට මේ වන විට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන රටවල් අතර ජර්මනිය 04 වන ස්ථානයේ පසු වෙයි. 2024 වර්ෂයේ ජර්මානු සංචාරකයන් 136,000ක් මෙරටට පැමිණ ඇති අතර  මෙම වසරේ මැයි දක්වා කාලය තුළ එරට සංචාරකයන් 69,000ක් මෙහි සංචාරය කර තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleSri Lankan ගුවන් සේවයෙන් මගීන්ට නිවේදනයක්
Next Article ඊශ්‍රායලය සහ ඉරානය අතර යුධ ගිණි ඇවිළෙයි
kumudika

Related Posts

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.