ඊශ්‍රා­ය­ලය විසින් පෙරේදා එල්ල කළ ප්‍රහා­ර­ව­ලින් ඉරා­නයේ විප්ල­වීය හමු­දාවේ බුද්ධි සේවා ප්‍රධානි බ්‍රිගේ­ඩි­යර් ජෙන­රාල් මොහො­මඩ් කසේමි ජීවිතක්ෂයට පත්වූ බව ඉරා­නය තහ­වුරු කර ඇත. බුද්ධි සේවා නියෝජ්‍ය ප්‍රධානි හසන් මොහා­කින් ද මිය ගිය බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරා­න­යෙන් එල්ල වන මිස­යිල ප්‍රහාර සඳහා ප්‍රතිචාර දක්ව­මින් ඊශ්‍රා­ය­ලය විසින් එල්ල කරනු ලැබූ තවත් ප්‍රහා­ර­ය­කින් බුද්ධි අංශයේ තවත් ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­යකු වන මොහ්සේන් බගේරි ජීවිතක්ෂ­යට පත්වී ඇතැයි ද වාර්තා වේ. ඉරා­නයේ සිවිල් වැසි­යන් පදිං­චිව සිටින ප්‍රදේ­ශ­ව­ලට ද, ඉන්ධන ගබඩා, රජයේ අමා­ත්‍යාංශ සහ හමුදා ඉලක්ක වෙත ඊශ්‍රා­ය­ල­යෙන් එල්ල වු ප්‍රහා­ර­ව­ලින් දරුණු හානි සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ඊශ්‍රා­යල හමු­දාව පෙරේදා නැඟෙ­න­හිර ඉරා­නයේ කිලෝ­මී­ටර් 2,000ක් පමණ දුරින් පිහිටි මෂාඩ් ගුව­න්තො­ටු­පො­ළට ද ප්‍රහා­ර­යක් එල්ල කර ඇති අතර, X සමාජ මාධ්‍ය­ ජා­ලයේ සට­හ­නක් තබ­මින් ඊශ්‍රා­යල හමු­දාව නිවේ­ද­නය කර ඇත්තේ යුද මෙහෙ­යුම් ආරම්භ කිරී­මෙන් පසු ඉරා­නයේ වැඩිම දුර­කින් පිහිටි ප්‍රදේ­ශ­ය­කට පහර දුන් පළමු අව­ස්ථාව එය බවය. ඉරා­නය වෙතින් දිගින් දිග­ටම ප්‍රහාර එල්ල වන්නේ නම් ටෙහෙ­රා­නය මුළු­ම­නින්ම විනාශ කරන බවට ඊශ්‍රා­ය­ලයේ ආර­ක්ෂක ඇමැති ඊශ්‍රා­යල් කැට්ස් තර්ජ­නය කර ඇතැයි ද වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version