කේරළයේ සිට ඩුබායි බලා පැමිණි එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයකින් සර්පයෙක් සොයා ගෙන තිබෙනවා.

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් බෝයිං බී-737 ගුවන් යානය කැලිකට් සිට ඩුබායි බලා පිටත් වූ අතර ඩුබායි ගුවන් තොටුපළට ගොඩබෑමෙන් පසු එහි කාර්ය මණ්ඩලය භාණ්ඩ ගබඩාවේ සර්පයෙකු සිටි බවට වාර් තා කොටතිබෙනවා.

මගීන් ආරක්ෂිතව පිටත් කොට යැවීමෙන් අනතුරුව ගුවන් තොටුපල ගිනි නිවන සේවා ඊළඟ මෙහෙයුමට පෙර යානය නිසි ලෙස ධූමකරණය කොටඇත.

ගුවන් සේවා නියාමන ආයතනය වන සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර ඇත.

Share.

Comments are closed.