Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Business»ශ්‍රී ලංකා ඇඟලුම් කම්හල් වැසී යා​මේ අවධානමක්
Business

ශ්‍රී ලංකා ඇඟලුම් කම්හල් වැසී යා​මේ අවධානමක්

Stanly KularathnaBy Stanly KularathnaDecember 12, 2022No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අපනයනකරුවන් ලබන ලාභය මත පනවා ඇති 30% බද්ද හා විදුලිය සඳහා යන වියදම 100% කින් ඉහළ යාම නිසා මහා පරිමාණ ඇඟලුම් කම්හල් වැසී යමින් පවතින බව නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මේ වන විට මහ පරිමාණ කම්හලක් වන බ්‍රැන්ඩික්ස් කම්හලේ ශාඛාවක්ද වසා දමා ඇති අතර ටී.ජේ නමැති ජර් සි කර් මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සිදුවන්නේ දින හතරක් පමණකි. සේවකයන් 8000ක් පමණ සේවය කළ කම්හල් හතකින් සමන්විත ස්මාර් ට් ෂර් ට් කර්මාන්ත ශාලාවේද නිෂ්පාදන අඩාල වී ඇති බව ඔහු පැවසුවා.

තවත් මෙවැනි මහා පරිමාණ කම්හල් වැසෙන තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර සුළු හා මධ්‍යම පරිමාණ කම්හල් හිමියන්ට වැලේ වැල් නොමැති තත්ත්වයක් උදා වී ඇතැයි සඳහන් කළ ප්‍රනාන්දු මහතා පසුගිය ඔක්තෝබරයේ සිට දෙසැම්බර් දක්වා වන කාර් තුවේ අපනයන පහත වැටීමක් අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

විදුලි බිල වැඩි කිරීමෙන් විදුලිය සඳහා වියදම 100%කින් ඉහළ ගොස් ඇති අතර සමස්ත වියදම 20%කින් වැඩි වී තිබේ. යළි විදුලි බිල වැඩි කළහොත් සමස්ත වියදම තවත් 30%කින් පමණ වැඩි විය හැකි බවත් එවිට ඇඟලුම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳවැටෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලා.

අපනයනකරුවන්ගේ ලාභාංශය මත මෙතෙක් පනවා තිබුණේ 14%ක සහන බද්දකි. දැන් එය ලාභයෙන් 30%ක් ලෙස වැඩි කර ඇත. අමුද්‍රව්‍ය ආනයනයේදී දැනට පවතින වරාය හා ගුවන් සේවා බද්දට අමතරව තවත් 2.5%ක බද්දක් පැනවෙන අතර ලංකාවෙන් මිලදී ගන්නා සෑම භාණ්ඩයකටම එම බද්ද බදු පිට බදු වශයෙන් එකතු වෙනවා.

ඉන්දියාව බංග්ලාදේශය, මියන්මාරය, පාකිස්තානය වැනි රටවල අපනයනකරුවන් සඳහා සහන බදු ක්‍රමයක් පවතින අතර විවිධ සහනාධාරද හිමි වෙනවා. අපේ රටින් ගිලිහෙමින් පවතින ඇඟලුම් කර් මාන්තය රැකගැනීමට නම් අපේ තරගකාරි රටවලින් ලැබෙන සහන  පිළිබඳව අවධානය යොමු කරමින් එම සහන මෙරට අපනයනකරුවන්ටද ලබා දිය යුතු යැයි ධම්මික ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කලා.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදසුන්ට ලක්ෂ 11 ක් දඩ
Next Article අයිස් ජාවාරම 25ක් අතේ- අයිස් වර්ග 370ක් වෙළෙඳපොළේ
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.