Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මැදිහත්වෙන්න බෑ
Uncategorized

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මැදිහත්වෙන්න බෑ

Stanly KularathnaBy Stanly KularathnaDecember 12, 2022No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අසත්‍ය තොරතුරු මත විදේස්ගතවී සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් සිය කාර්යංශයට මැදිහත්විය නොහැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මහේන්ද්‍ර කුමරසිංහ මහතා පවසනවා.

සංචාරක හෝ උසස් අධ්‍යාපනය සඳහා වීසා ලබා ගනිමින් මෙරටින් පිටත්වන ඇතමුන් පූර්ණකාලීන රැකියාවන්හි නිරතවන බව සභාපතිවරයා සදහන් කලා.

එවැනි රැකියාවලදී සිදුවන නීතිමය ගැටලු සම්බන්ධයෙන් සිය කාර් යංශයට මැදිහත්වීමට නොහැකි බවත් සංචාරක හෝ අධ්‍යාපන වීසා සම්බන්ධයෙන් නීතිමය බැදිමක් නොමැති බවත් ඒ මහතා කීවේය.

විදේස් රැකියා හා උසස් අධ්‍යාපනය අපේක්ෂාවෙන් සිටින මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් දැනුවත් කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර් යාලයේදී පසුගිය 7 වෙනිදා පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගීවෙමින් සභාපතිවරයා මේ බව සදහන් කලා.

කෝප් කමිටු සභාපති මහනුවර දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාගේ සංකල්පයක් මත කිරුළ පදනම, විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර් යාලය එක්ව මෙම වැඩසටහන සංවිධාන කොට තිබුණා.

මැදපෙරදිග ගෘහ සේවිකා රැකියා පමණක් නොව ජර්මනිය, ඕස්ට්‍රේලියාව, ජපානය වැනි රටවල වෘත්තීමය රැකියා අවස්ථා රැසක් පවතින බවත් මහතා තවදුරටත් අවධාරණය කලා.

ශ්‍රී ලංකාවට බංගලාදේශය, ඉන්දියාව, නේපාලය වැනි රටවල් සමඟ තරඟකිරීමට සිදුව ඇතැයි පෙන්වා දුන් සභාපතිවරයා, භාෂා දැනුම, වෘත්තීය කුසලතා, අත්දැකීම්, හැකියාවන් පමණක් නොව විනය ද ඉතා වැදගත් යැයි සදහන් කලා.

ජපානය වැනි රටවල සම්මුඛ පරීක්ෂණවලදී ආචාර කිරීම ආදිය සම්බන්ධයෙන් පවා ඔවුන් විමසිලිමත් වන බව ද මහේන්ද්‍ර කුමාරසිංහ මහතා තවදුරටත් පැවසුවා.

රැකියාවක් සඳහා විදේශගතවන සියලු දෙනා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාර් ගෝපදේශන අනුව විදේස්ගත වීම ඉතා වැදගත් යැයි පෙන්වා දුන් ඒ මහතා මෙම කාර් යංශය විදේශ සේවා නියෝජිත ආයතනයක් නොව රැකියා අපේක්ෂකයන්ගේ ඵලදායිතාව ඉහළ නංවන රජයේ ආයතනයක් බවද සදහන් කලා.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅයිස් ජාවාරම 25ක් අතේ- අයිස් වර්ග 370ක් වෙළෙඳපොළේ
Next Article පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් සේවා කටයුතු වසර ගණනාවකට පසුව අද (දෙසැ. 12) නැවත ආරම්භ කෙරුණා
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.