පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් සේවා කටයුතු වසර ගණනාවකට පසුව අද (දෙසැ. 12) නැවත ආරම්භ කෙරිණි.

ඒ අනුව ඉන්දියාවේ, චෙන්නායි සිට පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා මගී ගුවන් යානයක් අද උදෑසන 

පැමිණියා.

පැවති කොරෝනා වසංගත තත්ත්වය හමු වේ හා පලාලි ගුවන්තොටුපොළ සංවර් ධන කටයුතු හේතුවෙන් පසුගිය සමයේ පලාලි සිට ඉන්දියාව දක්වා ගුවන් ගමන් නවතා තිබිණා.

රුපියල් මිලියන 2250ක වියදමකින් පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදි කළ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ඔක්තෝම්බර් 17 වන දා මෙරට තෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කලා.

නව ගුවන් ගමන් සේවා ආරම්භයත් සමග ඉන්දියාවේ සිට පලාලි දක්වා සතියේ සෑම සදුදා, අඟහරුවාදා හා සෙනසුරාදා දිනයක ම ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව ඉන්දියාවේ, චෙන්නායි සිට පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා මගී ගුවන් යානයක් අද උදෑසන පැමිණියා.

පැවති කොරෝනා වසංගත තත්ත්වය හමු වේ හා පලාලි ගුවන්තොටුපොළ සංවර් ධන කටයුතු හේතුවෙන් පසුගිය සමයේ පලාලි සිට ඉන්දියාව දක්වා ගුවන් ගමන් නවතා තිබිණා.

රුපියල් මිලියන 2250ක වියදමකින් පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදි කළ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ඔක්තෝම්බර් 17 වන දා මෙරට තෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කලා.

නව ගුවන් ගමන් සේවා ආරම්භයත් සමග ඉන්දියාවේ සිට පලාලි දක්වා සතියේ සෑම සදුදා, අඟහරුවාදා හා සෙනසුරාදා දිනයක ම ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

Share.

Comments are closed.