Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Education»සරසවි වරම් ලැබූ ලාබාලම දරුවා
Education

සරසවි වරම් ලැබූ ලාබාලම දරුවා

Stanly KularathnaBy Stanly KularathnaDecember 13, 2022No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විශ්වවිද්‍යාලයට තේරී පත්වුණු දකුණු ආසියාවේ ලාබාලම සිසුවා බවට පත්වීමට මාවරමණ්ඩිය නැණමල් රාජකීය විදුහලේ ඉගෙනුම ලැබූ දෙව්ම් සනහස් රණසිංහ සිසුවාට හැකි විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරී පත්වුණු ඔහුගේ වයස අවුරුදු දාහතරකි.

පවුලේ වැඩිමහල් දරුවා වන සනහස්ට බාල සහෝදරයකු සහ සහෝදරියක සිටින අතර ඔහුගේ දෙමව්පියෝ ගුරුවරු වෙති.

”සනහස් අපේ ලොකු පුතා. පුංචි කාලේ පුතා අධ්‍යාපනයට වැඩි නැඹුරුවක් දක්ෂතාවයක් පෙන්නුම් කළේ නැහැ. කුඩා කාලෙදි එයා සමහර විෂයන්වලට දුර්වලයි. හැබැයි අපි දරුවාට තරවටු කළේවත්. ඉගෙන ගන්න කියල බල කළේවත් නැහැ. කොහොම හරි අපි පුතාට ශිෂ්‍යත්වය හොඳට ලියන්න කියල උපදෙස් දුන්නා. එයාව ළඟින් තියාගෙන අපි පුතාට ඉගැන්වුවා. ටිකෙන් ටික පුතා ඉගෙන ගන්න ආසා වුණා. හොඳ දැනුමක් ලබාගත්තා.” සනහස්ගේ ආදරණීය මව වන මල්කා රණසිංහ මහත්මිය පවසයි.

සනහස් මූලික අධ්‍යාපනය ලැබුවේ කැලණිය ගුරුකුල මහා විද්‍යාලයෙන්. ශිෂ්‍යත්ව විභාගය සමත් වූ ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ තර්ස්ටන් විදුහලට ඇතුළත් වී තිබෙනවා. එහෙත් සනහස් එහි අධ්‍යාපනය ලැබුවේ මාස හතරකටත් අඩු කාලයකි. එම පාසලෙන් ඉවත් වූ ඔහු තම දෙමව්පියන් අධ්‍යක්ෂ ධුරය හොබවන මාවරමණ්ඩිය නැණමල් රාජකීය විදුහලට ඇතුළත් වී ඇත. එය පෞද්ගලික පාසලකි. නැණමල් රාජකීය විදුහල විවෘත කරන ලද්දේ 2017 ජනවාරි මාසයේය.

එතැන් සිට දෙව්ම් සනහස් දරුවා නැණමල් රාජකීය විදුහලේ තම අධ්‍යාපන කටයුතු කරගෙන ගියේය. පොත පතට ඇල්මක් හා හැකියාවක් දැක්වූ ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. සනහස් කුඩා කල පටන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ද ඇලුම් කළේය. එනිසාම ඔහු පාසල් ක්‍රිකට් කණ්ඩායමට එක්ව ක්‍රීඩාවල නිරත විය.

කොවිඩ් වසංගත සමය සනහස්ගේ ජීවිතේ අපූරු කාල පරිච්ඡේදයක් වී ඇත. පාසල වසා දැමීමත් සමඟ සිසුහු Online ක්‍රමයට ඔස්සේ අධ්‍යාපන කටයුතුවල නිරත වූහ. මේ නිසාම සනහස්ට නිරන්තර ඇස ගැටුණේ නිවෙසේදී මවත් පියාත් පාසල් දරුවන් Online ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදු කරන ආකාරයයි.

”ලංකාවේ ලාබාලම දරුවා විදිහට විශ්වවිද්‍යාලයට තේරුණු එක ගැන මට ගොඩක් සතුටුයි. කොවිඩ් කාලෙදි අපි ඉගෙන ගත්තෙ Online ක්‍රමයටයි. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරුන්. ඒ අය උගන්වන දේවල් මට ඇහුණා. ඒ නිසාම මටත් මුලින්ම සාමාන්‍ය පෙළ විභාගය කරන්න ආසා හිතුණා. මම ඒ ගැන අම්මටයි තාත්තටයි කියද්දි ඒ දෙන්නම මගේ කැමැත්තට ඉඩ දීලා මට සහයෝගය ලබා දුන්නා.” දෙව්ම් සනහස් පැවසුවා.

එතැන් සිට ඉතා කෙටි කාලසීමාවකදී සනහස් අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් විය. අදාළ සියලු විෂයන් Online ක්‍රමය ඔස්සේ කෙටි කාලසීමාවක් තුළ ආවරණය කිරීමට ඔහුට හැකි විය. ඒ සඳහා ඔහුගේ මව, පියා මෙන්ම පාසල් ගුරු මණ්ඩලයෙන් ද විශාල සහායක් ලැබී තිබුණා.

”ඒ කාලෙදිත් පුතා හැමදාම උදේට ක්‍රිකට් පුහුණුවීම්වලට ගියා. ක්‍රීඩා ගුරුතුමා හැමදාම උදේ ක්‍රීඩා පුහුණුවීම් යොදලයි තිබුණෙ. පුතා පුහුණුවීම්වලට පස්සෙ ගෙදර ඇවිත් Online ක්‍රමයට ඉගෙන ගත්තා. සමහර දවස්වලට හවසත් පුහුණුවීම් තිබුණා. පුතා ඒවාට සහභාගි වුණා. ඒ හැමදේටම පුතාට නිදහස ලබා දුන්නා.” සනහස්ගේ මව වන මල්කා රණසිංහ වැඩිදුරටත් පැවසුවාය.

අපොස සාමාන්‍ය පෙළ සමත් වුණු සනහස්ගේ මීළඟ බලාපොරොත්තුව වූයේ අපොස උසස් පෙළ විභාගයයි. ඔහු වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටියා. සනහස්ගේ මව වන මල්කා රණසිංහ ඉංග්‍රීසි ගුරුවරියකි. එහෙත් අමතර අනෙක් විෂයන් ද ඇය ඔහුට ඉගැන්වීය. සනහස්ගේ පියා ගණිත ගුරුවරයෙකි.

සනහස් අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා කටයුතුවල නිරත වන අතරතුර රූපවාහිනී වැඩසටහන් ද නැරඹුවේය. ඔහු පොත පතට හෝ ක්‍රීඩාවට පමණක් ඇලී ගැලී සිටි දරුවෙක් නොවීය. ඒ සියලු කටයුතුවල නිරත වන අතරතුර සනහස් තමන්ගේ වයස් සීමාව ඉක්මවා ගිය විභාග දෙකකටම මුහුණ දී ඉහළින්ම සමත් විය. සනහස් මේ වනවිට විශ්වවිද්‍යාල සිසුවෙකි.

දිනක ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි. ක්‍රීඩාව නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා නොවීමට ඔහු නියමිත වයසට එළඹීමටත් පෙර තම අධ්‍යාපන කඩඉම ජය ගත්තේය. එනිසාම ක්‍රිකට් පුහුණුවීම්වල යෙදීමට දැන් ඔහුට එතරම් බාධාවක් නැත. සනහස් මේ වන විටත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. නීතිඥ වෘත්තියේ නිරත වන අතරතුර ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම ඔහුගේ අපේක්ෂාවයි.

මේ වනවිට අට වසර ඉගෙනුම ලබන සනහස්ගේ බාල සහෝදරයා ද ලබන වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් පසුවෙයි. සහනස්ගේ ජයග්‍රහණය නිසාම නැණමල් රාජකීය විදුහලේ බොහෝ සිසුන්ද මෙලෙස විභාග කඩඉමට මුහුණදීමට සූදානමින් පසුවන බව වාර් තා වෙනවා. සැබැවින්ම සනහස් දරුවන්ට අපූරු ආදර්ශයක් ලබා දුන් දක්ෂ සිසුවෙකි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායක නිහාල් නෙල්සන් සමුගනියි
Next Article අනතුරින් පසු ඩුබායි පැන්න ව්‍යාපාරිකයා අත්අඩංගුවට
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.