Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»රට රැකියාවට ගිය අය වාර්තාවක් තබයි
Uncategorized

රට රැකියාවට ගිය අය වාර්තාවක් තබයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 19, 2022No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ වසරේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කලා.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ජාත්‍යන්තර සංක්‍රමනික දිනය සැමරීම නිමිත්තෙන් ඊයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි. තමන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් රාජකාරි ආරම්භ කරන විට එක් මසකට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය ප්‍රමාණය 300- 400 අතර ප්‍රමාණයක් වුවත්, තමන් මෙම අමාත්‍යාංශය භාරගත් පසුව එක් මසකට ශ්‍රි ලාංකිකයින් දහසකට ආසන්න පිරිසක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අද දිනය වන විට 6120 ක පිරිසක් කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබබෙනවා. එය 2004 වර්ෂයෙන් පසු දකුණු කොරියාව බලා පිටව ගිය වැඩිම ශ්‍රි ලාංකිකයින් පිරිසයි. මේ වසරේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස අතරින් වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයටයි. එය 76,579කි. කටාර් රාජ්‍යයට 69,992 දෙනෙක්ද, සෞදි අරාබිය සඳහා 51,421 දෙනෙකුද පිටත්ව ගොස් තිබේ. ජපානය සඳහා ශ්‍රමිකයින් 4,410 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා.

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම මෙන්ම ඔවුන් උපයන මුදල් නීත්‍යානුකුලව මෙරටට ගෙන්වා ගැනීම සඳහාද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවා. විදේශගත ශ්‍රමිකයින් සඳහා වාහන ආනයන බලපත්‍රයක් හඳුන්වාදීම, මනුසවි විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා කීය. විදේශ ගතවන ශ්‍රමිකයාට ගුවන් තොටුපොලේදී පිළිගැනීමක් ලබාදීම සඳහා “Hope Gate” නමින් විශේෂ දොරටුවක් විවෘත කළ බවද අමාත්‍යවරයා පැවසුවා.

තවද ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් විදේශ ගතකිරීම නතර කරන බවත්, ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් (Advance House Keepers) රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ප්‍රකාශ කලා.

විදේශ රැකියාවක නිරතව සිට අපහසුවෙන් උපයාගත් මුදලින් තමන්ගේම ව්‍යාපාර ආරම්භ කර ව්‍යවසායකයින් වශයෙන් ජීවිතය ජයගත් ශ්‍රි ලාංකිකයින් පස් දෙනෙකු ඇගයීමද මෙම අවස්ථාවේදී අමාත්‍යතුමා විසින් සිදුකරන ලදී.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසුඛෝපභෝගී  ‘ඕෂන් ඔඩිසි’ කොළඹ වරායට පැමිණෙයි
Next Article ඇඟලුම් කම්කරුවන් ට අඳුරු අනාගතයක්
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.