රැකියා සහ දේපළ සඳහා නිකුත් කර ඇති වීසා ඇතුළුව කොළඹ වරාය නගරයේ ආර්ථික කටයුතුවල නිරත වීමට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්ට නව වීසා කාණ්ඩ තුනක් හඳුන්වා දී ඇති අතර ඩොලර් 500,000 හෝ ඊට වැඩියෙන් ආයෝජනය කර​න ආයෝජකයින්ට ආයෝජනයක් සඳහා වසර 10ක් වලංගු වීසා බලපත්‍රයක් හිමිවෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ වීසා බලපත්‍රයේ වලංගුභාවය වසර 10ක් සඳහා පවතින “ආයෝජක” වීසා කාණ්ඩය සඳහා සුදුසුකම් ලැබීමට පෝට් සිටිහි අවම වශයෙන් ඩොලර් 500,000ක් ආයෝජනය කළ යුතු බවයි.

වරාය නගරයේ සේවයේ නියුතු විදේශිකයින්ට “රැකියා” වීසා බලපත්‍රයක් ලබා ගත හැකි අතර, එය වසර පහක කාලයක් සඳහා වලංගු වන අතර, “නේවාසික දේපල” වීසා බලපත්‍රය යටතේ, බදු පදනම මත වරාය නගරය තුළ පදිංචිව සිටින අයටද වසර පහක කාලය සදහා වීසා ලබා ගත හැකියි.

“සියලු කාණ්ඩ සඳහා වීසා ගාස්තුව ඩොලර් 200 ක් වනු ඇත. ‘ආයෝජක’ කාණ්ඩයේ, සුදුසුකම් ලබන අයගේ දරුවන්ට ද වීසා බලපත්‍ර හිමි වනු ඇත,” හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසුවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද වෙනම වීසා කාණ්ඩ තුනක් නිකුත් කිරීම සඳහා වූ යෝජනාවට සඳුදා (19) කැබිනට් අනුමැතිය හිමි විය.

Share.

Comments are closed.