Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්

June 5, 2025

Al Wahda සාප්පු සංකීර්ණය ඊද් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් දියත් කරයි

June 5, 2025

ඊද් අල් අදා සමයේදී පවුල් සඳහා පමණක් ඩුබායි පොදු වෙරළ තීර 4ක් නම් කරයි

June 5, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»“මේ වගේ ඇමැතිවරු හමුවෙලා වැඩක් නැහැ” – පමා වූ ඇමතිට කොරියානුවාන්ගෙන් දැඩි විවේචනයක්
Uncategorized

“මේ වගේ ඇමැතිවරු හමුවෙලා වැඩක් නැහැ” – පමා වූ ඇමතිට කොරියානුවාන්ගෙන් දැඩි විවේචනයක්

Stanly KularathnaBy Stanly KularathnaDecember 22, 2022No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා හා අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් දකුණු කොරියානු ආපදා සහන පදනමේ සාමාජිකයන් අතර පැවැති රැස්වීමකට විනාඩි 30ක ප්‍රමාදයකින් පැමිණීම සම්බන්ධයෙන් එම පදනමේ සභාපතිගේ දැඩි විවේචනයට ලක්විය.

සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේදී ඊයේ පැවති මෙම හමුවේදී වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට දකුණු කොරියාවට ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම අරමුණ විය.

මෙහිදී අමාත්‍යවරයා ඇතුළු නිලධාරී පිරිස විනාඩි 30ක කාලයක් ප්‍රමාදය පැමිණීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පදනමේ සභාපති චෝ සුංග් ලී සඳහන් කළේ පොරොන්දු ඉටු කිරීම හා වෙලාවට පැමිණීම අමාත්‍යවරුන්ගේ වගකීමක් බවයි.

“නියමිත රැස්වීමක් විනාඩි 30 කින් ආරම්භ කිරීමට ප්‍රමාද වීම හොඳ සලකුණක් නොවේ. තම පොරොන්දු ඉටු කිරීමට සහ වෙලාවට වැඩ කිරීමට ඇමතිවරුන් වගකිව යුතුයි.

මෙය දකුණු කොරියාවේ සිදු වූයේ නම් එවැනි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ තිබෙනවා.

රැස්වීමක් නිශ්චිත වේලාවකට සැලසුම් කර ඇත්නම්, එය එම අවස්ථාවේදීම ආරම්භ විය යුතුය. එවැනි ඇමතිවරුන්ට එය කළ නොහැකි නම්, එවැනි පුද්ගලයින් හමුවීමෙන් ඵලක් නෑ.

ලංකාවේ බොරු කීම, පොරොන්දු දීම සාමාන්‍ය දෙයක් වෙලා, ඒක එයාලගේ සංස්කෘතියේ කොටසක් වෙලා. රටක් විදියට පිටරටකයෙක්ගෙන් මේ වගේ දේවල් අහන්න මිනිස්සු ලැජ්ජ වෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සුන්ට ඒ පුරුද්ද වෙනස් කරන්න බැරි නම්. විදේශිකයන් සමඟ සබඳතා ඇති කර ගැනීමට රටට හැකියාවක් නැති වේවි.

ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුයි. ඒවා ඉටු කිරීමට කිසිදා අමතක නොකළ යුතුයි. ජීවිතය ගියත් පොරොන්දු ඉටු කළ යුතුයි. ඇමැතිවරු වුණත් එහෙම කරන්න ඕන. එහෙම නොවුණොත් මේ වගේ ඇමැතිවරු හමුවෙලා වැඩක් නැහැ.

ජනතාවට බොරු කියන්න එපා. ඔවුන්ට වඩා හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ සහ මිනිසුන්ගේ චින්තන රටාවේ වෙනසක් සිදුවිය යුතුයි” ලී වැඩිදුරටත් පැවසීය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 50,000 දක්වා රථවාහන දඩයක්
Next Article උදේ ගෙදරින් එළියට බහින 69 දෙනෙක් හවස​ට ගෙදර එන්නේ නැහැ
Stanly Kularathna

Related Posts

ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්

June 5, 2025

Al Wahda සාප්පු සංකීර්ණය ඊද් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් දියත් කරයි

June 5, 2025

ඊද් අල් අදා සමයේදී පවුල් සඳහා පමණක් ඩුබායි පොදු වෙරළ තීර 4ක් නම් කරයි

June 5, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.