Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්

June 5, 2025

Al Wahda සාප්පු සංකීර්ණය ඊද් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් දියත් කරයි

June 5, 2025

ඊද් අල් අදා සමයේදී පවුල් සඳහා පමණක් ඩුබායි පොදු වෙරළ තීර 4ක් නම් කරයි

June 5, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ලංකාවේ රාජ්‍ය සේවකයෝ හැසිරෙන්​නේ රජවරු වගේ
Uncategorized

ලංකාවේ රාජ්‍ය සේවකයෝ හැසිරෙන්​නේ රජවරු වගේ

Stanly KularathnaBy Stanly KularathnaDecember 23, 2022Updated:December 24, 2022No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් හැසිරෙන්නේ රජවරුන් ලෙස බවත් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මෙන්ම අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇති බවත් දකුණු කොරියාවේ ආපදා සහන පදනමේ සභාපති චෝ සුංග් ලී පැවැසීය.

සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ පැවැති හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.මෙහිදී දකුණු කොරියාව වසර 40ක් වැනි කෙටි කාලයක් තුළ බලවත් රටක් බවට පත්වූ අකාරය සාකච්ඡාවට ලක්විය.

“නව ගම්මාන ව්‍යාපෘති යනු සංවර්ධිත රටක් බවට පත්වීම සඳහා රටක භූමියේ සිට ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘතියක්. දකුණු කොරියාවේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළේ ගම්වලින්. මිනිසුන්ට කාර්යක්ෂමව හා ඉක්මනින් භාවිත කළ හැකි වන පරිදි අපි සියලු මාර්ග ඉදි කළා. එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට දකුණු කොරියානු රජය අරමුදල් සම්පාදනය කළා.

ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වීමට අවශ්‍ය නම් මිනිසුන්ගේ චින්තන රටාව වෙනස් විය යුතුයි. ඒ සඳහා අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි.

ගුරුවරු වෙනස් නොවුණොත් ලංකාව ගැන බලාපොරොත්තුවක් නෑ. ඒ නිසා මුලින්ම මිනිස්සුන්ගේ චින්තන රටාව වෙනස් කරන්න කලින් ගුරුවරුන්ගේ චින්තන රටා වෙනස් කරන්න ඕන.

ශ්‍රී ලංකාවේ ළමයින් ජීවත් වන ආකාරය සහ ඔවුන් අත්විඳින දේ ගුරුවරුන් දැන සිටිය යුතුයි. අධ්‍යාපනික අරමුණු සඳහා අපට වඩා හොඳ සහ අලුත්ම ගොඩනැඟිලි අවශ්‍ය නොවේ. අපට අවශ්‍ය වන්නේ හොඳ ගුරුවරුන්.

රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රතිසංස්කරණයක් ඇති කළ යුතුයි. කවදාවත් හිතන්න එපා දේශපාලකයෝ රටේ ගෞරවනීයම මිනිස්සු කියලා.

දකුණු කොරියාවේ ඕනෑම රාජ්‍ය ආයතනයකට එන සෑම පුද්ගලයෙකුටම රාජ්‍ය නිලධාරීන් ආචාර කිරීමට පුරුදුව සිටියද ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්.

ලංකාවේ රාජ්‍ය සේවකයෝ හැසිරෙන්නේ රජවරු වගේ. ඒ නිසා ඒ විදියට ශ්‍රී ලංකාව වෙනස් රටක් බවට පත්වෙලා.”

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් මාරු කිරීම සඳහා ඩිරාම් 50,000 දක්වා දඩයක් හෝ සිර දඬුවමක්
Next Article රාජ්‍ය සේවකයින් සඳහා බෝනස් ගෙවීම භාණ්ඩාගාරය සීමා කරයි
Stanly Kularathna

Related Posts

ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්

June 5, 2025

Al Wahda සාප්පු සංකීර්ණය ඊද් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් දියත් කරයි

June 5, 2025

ඊද් අල් අදා සමයේදී පවුල් සඳහා පමණක් ඩුබායි පොදු වෙරළ තීර 4ක් නම් කරයි

June 5, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.