මේ උත්සව සමයේ සාප්පු යන්නන්ට 90% දක්වා වට්ටම් සහිතව බඩු මිලදී ගන්නට ඩුබායි හි සුප්‍රසිද්ධ Majid Al Futtaim පැය 12 ක සාප්පු සවාරි අලෙවිය අ​ද නැවත පැවැත්වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැනට පැවැත්වෙන ඩුබායි ෂොපිං ෆෙස්ටිවල් මහා සැණකෙලිය හා ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන මෙම සාප්පු සවාරි ප්‍රවර්ධන වැඩසටහන විශේෂ අවස්ථා වලින් එකක් පමණයි. 

දෙසැම්බර් 26දා, සඳුදා උදේ 10 සිට රාත්‍රී 10 දක්වා, නිවැසියන්ට සහ සංචාරකයින්ට, Mall of the Emirates, City Center – Mirdif, City Center – Deira, City Center – Me’aisem, City Center Al Shindagha සහ My City Center Al Barsha යන ස්ථා න වල මෙම සාප්පු සවාරි ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මකයි. සාප්පු සවාරි යනවිට ඇදහිය නොහැකි මිලට භාණ්ඩ මිලදී ගැනීමට සහ ඇතැම් වෙළඳ නාම සඳහා සියයට 90 ක් දක්වා වට්ටම් ලබාගැනීමට අවස්ථාව උදාවෙනවා. මීට අමතරව එම ස්ථාන වලදී තවත් බොහෝ ඉසව්, තරඟ සහ දිනුම් ඇදීම් පැවැත්වෙනවා.

දිනුම් ඇදීම් (Raffles)

ඩුබායි ස්වර්ණාභරණ සමූහය (DJG) දිනුම් ඇදීම මගින් සාප්පු සවාරි යන්නන් 100 දෙනෙකුට රත්රන් කිලෝග්‍රෑම් 25 ක් දිනා ගැනීමට අවස්ථාව ලබා දෙනවා. සාප්පු යන්නන් ඩිරාම් 500 කට වැඩි මුදලක් වැය කොට වෙළඳසැල්වල රන්ආභරණ මිලදී ගැනීමෙන් මෙම දිනුම් ඇදී මට එක් ප්‍රවේශ පත්‍රයක් ලබා ගත හැකි වෙනවා. දියමන්ති සහ මුතු ආභරණ සඳහා ඩිරාම් 500 කට වැඩි මුදලක් වැය කිරීමෙන් ඔවුන්ට දිනුම් ඇදීමේ ප්‍රවේශපත්‍ර දෙකක් ලබා ගත හැකි වෙනවා.

DSF Mega Raffle උත්සවය අතරතුර සෑම දිනකම Nissan Patrol රථයක් හෝ ඩිරාම්100,000 මුදල් දිනා ගැනීමේ අවස්ථාව ඇතුළුව අතිවිශිෂ්ට ත්‍යාග පිරිනමනවා. සහභාගිවන්නන්ට ඩිරාම් 200 ක් වටිනා ටිකට් පතක් Enoc හෝ Eppco ඉන්ධන පිරවුම්හලකින් මිලදී ගත හැකියි.

තම නිෂ්පාදන සඳහා සියයට 25 සිට 75 දක්වා වට්ටමක් ලබා දෙන Mercato Mall සංකීර් ණයේ ඩිරාම් 200 හෝ ඊට වැඩි මුදලක් වැය කිරීමෙන්, සාප්පු සවාරි යන්නන්ට සතිපතා ඩිරාම් 20,000 දිනා ගත හැකි වෙනවා, 

ඩුබායි ෂොපිං මෝල් සංකීර් ණ සමූහයේ දිනුම් ඇදීමේදී වාසනාවන්ත ජයග්‍රාහකයින් 25 දෙනෙකුට ඩිරාම්10,000 සිට ඩිරාම් 40,000 දක්වා මුදල් ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව උදාවෙනවා. 

මීට අමතරව Al Ghurair මධ්‍යස්ථානය, Al Bustan මධ්‍යස්ථානය, Bay Avenue, Serena Market Place, Arabian Center, Dubai Festival Plaza, Century Mall, Al Barsha Mall, Al Barsha South Mall, Times Square Center, Etihad Mall ඇතුළුව වෙළඳ සංකීර් ණවල ඩිරාම්200 හෝ ඊට වැඩි මුදලක් වැය කිරීමෙන් දිනුම් ඇදීම් වලට ඇතුළත් වීමට සුදුසුකම් ලබනවා.

ජම්බෝ වෙළඳසැල් දිනුම් ඇදීමට සහභාගී වීමෙන් රත්රන් ග්‍රෑම් 250 ක් දක්වා දිනා ගැනීමට සාප්පු යන් නන් ට අවස්ථාව තිබෙනවා. එක් වාසනාවන්ත ජයග්‍රාහකයෙකුට රත්රන් ග්‍රෑම් 250ක් ද, සතිපතා ජයග්‍රාහකයින් හය දෙනෙකුට රත්රන් ග්‍රෑම් 50 බැගින්ද, දෛනික ජයග්‍රාහකයින් 46 දෙනෙකුට ඩිරාම්1,000 හෝ ඊට වැඩි මුදලක් ජම්බෝ වෙළඳසැල්වලට හෝ Jumbo.ae හි වියදම් කිරීමෙන් රත්රන් ග්‍රෑම් 10 බැගින් දිනාගැනීමේ හැකියාව පවතිනවා.

Share.

Comments are closed.