එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කළේ යුක්‍රේනයේ පවතින යුධම​ය තත්ත්වය හේතුවෙන් විදුලි පහසුකම් ඇනහිටීම් නිසා ශීත කාලගුණයෙන් දැඩි ලෙස පීඩාවට පත් සිවිල් වැසියන් වෙත ගෘහ විදුලි ජනක යන්ත්‍ර 2,500ක් පමණ ආධාර ලෙස යවන බවයි.

මෙම විදුලි ජනක යන්ත්‍ර කිලෝවොට් 3.5 ත් 8 ත් අතර බල නිෂ්පාදනයක් සහිතයි. මෙම විදුලි ජනක යන්ත්‍ර මගින් සිවිල් වැසියන්ට අවශ්‍ය විදුලිය සැපයීමට උපකාර වන අතර එමඟින් අර්බුදකාරී පවුල්වල දුෂ්කර ජීවන තත්ත්වයන් සමනය කිරීමට උපකාරී වනු ඇති.

ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය Reem bint Ibrahim Al Hashemy පැවසුවේ යුක්‍රේනයට මෙම ආධාර ලැබෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සහයෝගීතාවයේ වැදගත්කම, විශේෂයෙන් ගැටුම් අවස්ථාවන්හිදී වන අතර එය මානුෂීය ප්‍රතිවිපාක අවම කිරීම සඳහා රට දරන අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස බවයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පෝලන්ත අගනුවර වන වෝර්සෝ වෙත දළ වශයෙන් ගෘහ විදුලි ජනක යන්ත්‍ර 1,200 ක් වහාම ප්‍රවාහනය කරනු ඇති අතර ඉතිරි ජනක යන්ත්‍ර ජනවාරි වන විට යැවීමට නියමිතයි.

මෙම ආධාරය ලැබෙන්නේ යුක්රේනයේ අර් බුදයෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් වෙන් කරන ලද ඩොලර් මිලියන 100 මානුෂීය සහන ආධාර තුළ ය.

එක්සත් ජාතීන්ගේ යුක්රේන ෆ්ලෑෂ් අභියාචනය සහ යුක්රේන තත්ත්වය පිළිබඳ කලාපීය සරණාගත ආයාචනයන්​ට ප්‍රතිචාර වශයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය අර්බුදය ආරම්භයේ සිටම විපතට පත් වූවන්ගේ දුක් වේදනා සමනය කිරීමට මූලිකත්වය ගෙන ඇති අතර, ටොන් 360​ක ආහාර සැපයුම් හා වෛද්‍ය ආධාර රැගෙන ගුවන් යානා අටක් පියාසර කො​ට ඇත. එමෙන්​ම පෝලන්තය, මෝල්ඩෝවා සහ බල්ගේරියාවේ යුක්රේන සරණාගතයින් සඳහා ගිලන්රථද පරිත්‍යාග කොට ඇ​ත.

Share.

Comments are closed.