ඩුබායිහි කොන්සල් ජනරාල් කාර්යාලයේ අනුග්‍රාහකත්වයෙන් ස​හ ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානය විසින් සංවිධාන​ය කරනු ලබන සම්බුද්ධ වන්දනාව සහ පරිත්‍රාණ ධර්ම දේශනය දෙසැම්බර් 31 වන සෙනසුරාදා සවස 8:00 සිට පසුවදා පහන් වන තුරු ඩුබායි කොන්සල් ජනරල් කාර්යාල පරිශ්‍රයේ පිහිටි දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙනවා.

2023 ජනවාරි 01 ඉරුදින උදෑසන 6:00 ට ක්ෂීරපායාස බුද්ධ පූජාව සහ මහා සංඝරත්නය විෂයයෙහි හීල් දානය ​පුජාකිරීම සිදුකෙරෙනවා.

මෙම පුණ්‍යකර්මය සිදුකරණු ලබන්නේ තලවතුගොඩ ශ්‍රී ඥාණාරාම භාවනා මධ්‍යස්ථානයේ සහ ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙනි.

මේ සම්භන්ධ සියලු විමසීම් දුරකථන අංක 050 635 1474  හා  055 846 7082 ඔසසේ සිදු කලහැකියි.

මෙම මහාණීය පිංකමට සහභාගී වී අපමණ වූ කුසල් රැස්කරගන්නා මෙන් ශ්‍රී ලාංකික සැදැහැවතුන්ගෙන් බැති සිතින් ආරාධනා කර සිටිනවා.

Share.

Comments are closed.