සාජා මහ නගර සභාව නිවේදනය කර ඇත්තේ දින ගණනාවක් පුරා පැවති අධික වර්ෂාවෙන් සහ ගංවතුරෙන් යට වූ වීදිවලින් පසුව එමිරේට්ස් හි මාර්ග සහ ගමනාගමනය “සාමාන්‍ය තත්ත්වයට” පත්ව ඇති බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිට පිට දින තුනක් පැවති අධික වර්ෂාව නිසා බොහෝ දෙනා පීඩාව​ට පත්වුනා. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) වැසි පිළිබඳ කහ සහ තැඹිලි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදෙන විට ප්‍රවේශම් වීමටත් අවධානයෙන් පසුවන ලෙසත් නිවැසියන්ගෙන් ඉල්ලා සිටියා.

පවතින අස්ථාවර කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙසැම්බර් 26 වැනිදා සිට එමිරේට්ස් හි උද්‍යාන වසා දමන බව​ද මීට පෙර නිවේදනය කර තිබුණා. අයහපත් කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමට සූදානම් බව ද සාජා ප්‍රකාශ කොට තිබුණා. සාජා මහ නගර සභාව විසින් හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා ජල ප්‍රවාහය සහ අධික වර් ෂාපතනය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය, උපකරණ සහ වේලි පොම්ප, ටැංකි සහ ජංගම ඉවත් කිරීමේ ස්ථාන වැනි බර සහ සැහැල්ලු යන්ත්‍රෝපකර කල් ඇතිව සපයා තිබුණා.

නගරය පුරා වැව් 120 ක් සහ පොම්පාගාර 100 ක් වීදි ජලයෙන් යටවීම වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වුණා. එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෝටර් රථ සහ අනෙකුත් වාහන සුමටව මාර්ගවල ධාවනය වුණා.

Share.

Comments are closed.