අලුත් අවුරුද්ද වෙනුවෙන් අබුඩාබි නගරයේ සියලුම මාර්ගවල සහ වීදිවල කම්කරුවන් ප්‍රවාහනය කරන ට්‍රක් රථ, බර වාහන සහ බස් රථ තහනම් කරන බව අබුඩාබි පොලිසිය නිවේදනය කර තිබෙනවා. මෙයට Sheikh Zayed Bridge, Sheikh Khalifa Bridge, Musfah Bridge සහ Section Bridge ඇතුළත් වේ.

මෙම කාලය තුළ රථවාහන පාලනය වැඩි කිරීමට ස්මාර්ට් පද්ධති භාවිතා කරන බව පොලිසිය පවසනවා.

මධ්‍යම මෙහෙයුම් අංශයේ රථවාහන හා මුර සංචාර අධ්‍යක්ෂ ජනරාල් මහමුද් යූසෙෆ් අල්-බලුෂි පැහැදිලි කළේ මෙම තහනම 2022 දෙසැම්බර් 31 සෙනසුරාදා උදේ 7 සිට 2023 ජනවාරි 1 ඉරිදා උදේ 7 දක්වා ක්‍රියාත්මක වන බවයි.

Share.

Comments are closed.