ගුවන් ගමනකදී සම්පූර්ණ කළයුතු “පැමිණිමේ සහ පිටවීමේ කාඩ්පත” මාර්ගගත ක්‍රමයට සිදුකිරීම සඳහා ලබන ජනවාරි මස 01 වනදා සිට අවස්ථාව හිමිවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශකයින්ට හා ශ්‍රී ලාංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට එම කාඩ්පත් සම්පූර්ණ කිරීම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk  නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකිරීමේ හැකියාව පවතින බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවා.

යම් පුද්ගලයෙක් ගුවන් ගතවිමට නියමිත දිනට දින 03කට පෙර සිට එම කාඩ්පත පිරවීමට අදාළ පහසුකම් සැපයෙන බව ඔහු පැවසීය.

ගුවන්තොටුපොළේදී ඇති වන අපහසුතා මග හරවා ගනිමින් මගීන්ට එම කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමට අවස්ථාව සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි හර්ෂ ඉලුක්පිටිය මහතා පෙන්වා දෙයි.

Share.

Comments are closed.