භාණ්ඩ හුවමාරු කර ගැනීමට අදාළව 2023 වර්ෂයේදී රාජ්‍යයන් කිහිපයක් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට ශ්‍රී ලංකා රජය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව පළමු වටයේදී ඉන්දියාව, චීනය හා තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් අස්සන් කිරීමට නියමිත අතර දෙවැනුව බංග්ලාදේශය සමඟ ගිවිසුමකට එළැඹීමට සැලසුම් කර තිබෙනවා. මෙම යෝජනා ඉන්දියාව, චීනය හා තායිලන්තය යන රටවල් ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ඉදිරිපත් කර තිබෙන බවත් ඒ සඳහා රජය ඉදිරිපත් කළ යෝජනාවකට තායිලන්තය දැනටමත් කැමැත්ත පළ කර තිබෙන බවත් සදහන් වෙනවා.

ඒ අනුව, නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් තායිලන්ත රජයේ ප්‍රධානීන් සමඟ ජනවාරි 08 හා 09 යන දෙදින ශ්‍රී ලංකා​වේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර පසුගිය රජය සමයේ බංග්ලාදේශය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම සම්බන්ධයෙන් ආරම්භ කළ සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යාමට ද රජය තීරණය කර තිබෙනවා.

බංග්ලාදේශය සමඟ එම සාකච්ඡා ‘සූම්’ ඔස්සේ ඉදිරියට ගෙන යාමට නියමිත බව සදහන්වේ. මේ වන විට පිහිටුවා ඇති ජාත්‍යන්තර වෙළෙඳ කාර් යාලය හරහා තවදුරටත් නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කෙරෙනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටී.

Share.

Comments are closed.