Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

“බන්දුල පෙතියා” සංරක්ෂණය කිරීමට වැඩපිළිවෙළක්

June 3, 2025

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති දිවයිනට

June 3, 2025

නිල්ගල වනය රක්ෂිතයක් කෙරේ

June 2, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 3
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»එක්සත් අරාබි එමීර් රාජ්‍යය වාර්තාගත ගිනිකෙළි සහ ලේසර් සංදර්ශන සමඟින් 2023 සාදරයෙන් පිළිගනී
Events

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වාර්තාගත ගිනිකෙළි සහ ලේසර් සංදර්ශන සමඟින් 2023 සාදරයෙන් පිළිගනී

Stanly KularathnaBy Stanly KularathnaJanuary 1, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝක වාර්තා තුනක්, ගිනිකෙළි සංදර්ශන, ඩ්‍රෝන සංදර්ශන, තරු පිරුණු ප්‍රසංග සමගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2023 නව වසර සාදරයෙන් පිළිගත්තා. අලුත් අවුරුදු සැමරුමේ හැම අංගයක්​ම වෙනදාටත් වඩා එමිරේට්ස් පුරා ආකර්ශණීය කටයුත්තක් බවට පත් කොට තිබුණා.

වසංගතයෙන් පසු ප්‍රථම වතාවට කොවිඩ් ආශ්‍රිත සීමාවන්ගෙන් තොර​ව 2023 නව වසර උදාව විනෝදකාමීන්​ට ප්‍රීතිමත්ව සමරන්නට අවස්ථාව උදාවුනා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපතිවරයා 2023 “ඊටත් වඩා ලස්සන” කිරීමට ප්‍රතිඥා දීමත් සමඟ​ම තවත් වැදගත් වසරක අවසානය සනිටුහන් කලා.

නව වසර පිළිගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා රාත්‍රී අහස ආලෝකමත් කරමින් වාර්තාගත ගිනිකෙළි සහ ලේසර් සංදර්ශන පැවැත්වුනා.

ඩුබායි නගරයේ පිහිටි ලොව උසම කුළුණ Burj Khalifa මධ්‍යම රාත්‍රියේ විස්මිත ලේසර් ආලෝක ධාරා, ගිනිකෙළි, වර්ණ හා විදුලි පහන් ඒකාබද්ධ කරමින් ආලෝකමත් වුනා. මෙය නිවැසියන්ට සහ සංචාරකයින්ට අමතක නොවන අලුත් අවුරුදු උදාවක් සනිටුහන් කලා.

සවස් කාලය වන විට ඩුබායි මෝල් පිහිටි ඩවුන්ටවුන් හි සංදර්ශන නැරඹීම​ට හොඳම ස්ථානයට හිමිකම් කීමට ප්‍රයත්න දැරීම නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රථවාහන තදබදයට මුහුණ දුන්නා.

තවත් ලෝක වාර්තාවක් බිඳ හෙලීමේ අරමුණින් මිනිත්තු 40ක් පුරාවට අඛණ්ඩව පැවැත්වූ වාර්තාගත ප්‍රසංගය ආලෝකයේ සහ ශබ්දයේ තේජාන්විත පිපිරුම් සමගින් අබුඩාබියේ දී නව වසර උදාව සනිටුහන් කලා. මීට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර කිසිවෙකුට කිසිදාක අ​මතක නොවන අත්දැකීමක් එක්කරමින් ඩ්‍රෝන යානා 3,000ක් යොදාගත් සංදර්ශනයක්​ද පැවැත්වූවා.

එලෙසින්ම Ras Al Khaimah නගරයේත් ගිනිකෙළි, පයිරෝ ඩ්‍රෝන යානා, නැනෝ ලයිට්, වර්ණ සහ හැඩතල භාවිතා කරමින් අලුත් අවුරුදු සැමරුම වර්ණවත් කලා.

සාජා නගරයේත් රාත්‍රී අහස ආලෝකමත් කරමින් විශ්මයජනක ගිනිකෙළි සමඟින් විස්මිත සංදර්ශනද සැමරුමට එක්කොට තිබුණා. මිනිත්තු අටක් පුරාවට පැවැත්වු​න අලුත් අවුරුදු ගිනිකෙළි නැරඹීම සඳහා දහස් ගණන් නිවැසියන් සාජා හි අල් මජාස් වෝටර් ෆ්‍රන්ට් වෙත පැමිණ සිටියා. අල් කස්බා සහ Flag Island වැනි අසල්වැසි ප්‍රදේශද දර්ශනීය ගිනිකෙළි නැරඹීමට අමුත්තන්ගෙන් පිරී තිබුණා.

Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසංචාරය වීසා මත ජෝර්දානයේ රැකියා සොයන අයට අනතුරු ඇඟවීම
Next Article අති ගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්​ගේ අලුත් අවුරුදු සුබ පැතුම
Stanly Kularathna

Related Posts

“බන්දුල පෙතියා” සංරක්ෂණය කිරීමට වැඩපිළිවෙළක්

June 3, 2025

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති දිවයිනට

June 3, 2025

නිල්ගල වනය රක්ෂිතයක් කෙරේ

June 2, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.