එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක අති උතුම් ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ලොව පුරා සිටින ජනතාවට සිය අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනැමීය. සැමට සුරක්ෂිත, සෞභාග්‍යමත් සහ සාමකාමී අලුත් අවුරුද්දක් වේවා යයි ද ෂෙයික් මොහොමඩ් ප්‍රාර්ථනා කලා.

ඩුබායිහි පාලකයා සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් කියා සිටියේ, “පසුගිය වස​ර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට විශිෂ්ට වසරක් වූ බවත් ඉදිරි පියවරයන් තුළින් අනාගතයට තව දුරටත් පියවර තබමින් හොඳම දේ සාක්ෂාත් කර ගැනීම සඳහා අපි හෘදයාංග​ම​ව 2023 වැළඳ ගනිමු. අපේ ජනතාවට සහ ලෝකයේ සියලුම ජාතීන්ට ප්‍රීතිමත්, ආරක්ෂිත සහ සමෘද්ධිමත් නව වසරක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.” යනුවෙනි.

Share.

Comments are closed.