Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රට විරුවන්ගෙන් ගත වුණු මාස හතර ඇතුලත විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 641 ක්

June 7, 2025

මාර්ග ව්‍යාපෘති වලට වැඩි අවධානයක් දෙන්න – ජනාධිපති කියයි

June 7, 2025

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ඕමානයේ සුරක්ෂා නිවසේ සිටි කාන්තාවන් ලංකාව​ට
Uncategorized

ඕමානයේ සුරක්ෂා නිවසේ සිටි කාන්තාවන් ලංකාව​ට

Stanly KularathnaBy Stanly KularathnaJanuary 3, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සේවිකා සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටි කාන්තාවන් මුහුණ පා ඇති ගැටළු සහගත තත්ත්වය නිරාකරණය කරමින් ඔවුන් නැවත මෙරටට ගෙන්වීමේ කටයුතු විදේශ සේවා නියුක්ති කාර්යාංශ​ය විසින් ආරම්භ කොට තිබෙනවා.

ඒ අනුව පසුගිය 24දා පළමු කණ්ඩායම වශයෙන් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඕමාන් සලාම් ගුවන් යානයක් මගින් මෙරටට පැමිණි අතර තවත් කාන්තාවන් 6 දෙනෙකු ජනවාරි 2දා  දිවයිනට පැමිණීමට නියමිතව තිබුණා.

මෙයට අමතරව විදේශ සේවා නියුක්ති කාර්යාංශ​​යේ නීත්‍යානුකූලව ලියාපදිංචිය නොගත්, සංචාරක වීසා මගින් ඕමානයේ රැකියා සඳහා ගොස් අතරමංව සිටි 18 දෙනෙකු ඔවුන්ගේ සේවාස්ථානයෙන් පැනයාම හේතුවෙන් එරට කම්කරු අමාත්‍යාංශය මගින් අසාධුලේඛනයට ඔවුන්ගේ නම් ඇතුලත් කර ඇති අතර, අදාල හාම්පුතුන්ගේ අවසරය මත ඔවුන් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වෙනවා. නීතිවිරෝධී ලෙස එරට රැඳී සිටින පිරිසක් වශයෙන් ඔවුන් මෙරටට ගෙන්වී​ම ​සඳහා ගුවන් ටිකට්පත් සැපයීම ඔවුන්ගේ පවුලේ ඥාතීන් විසින් සැලසිය යුතු වෙනවා.

මෙම වාර්තාව​ට අනුව කාන්තාවන් ඒ සඳහා එරටට යොමුකළ තැනැත්තන් සම්බන්ධයෙන් සහ යොමු කිරීමට පහසුකම් සැලසූ විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයන් සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරි විමර්ශන කටයුතු සිදුකර ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මේවන විට නීත්‍යානුකූල නොවන පරිදි සංචාරක වීසා මගින් විදේශගත වී සිටින සියළුම කාන්තාවන් අසාධු ලේඛනගත කිරීමටත්, ඔවුන්ට එරෙහිව කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයට යටත්ව නීතිමය පියවර ගැනීමටත් තීරණය කොට තිබෙනවා.

මෙහිදී කාර්යාංශ​යේ ලියාපදිංචිය ලබා විදේශගතව රැකියා කල ස්ථානයේ පැවති කරදර හේතුවෙන් තානාපති කාර්යාලයට වාර්තා කර ඇති 61 දෙනෙකුගේ ගැටළු විසඳීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට විෂයභාර අමාත්‍යවරයා විසින් කාර්යාංශ නිළධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ඔවුන් මෙරටට රැගෙන ඒම සඳහා ඕමාන් රාජ්‍යයේ පවතින නීතිරීති වලට යටත්ව මෙම කටයුතු සිදුකිරීමේ පහසුකම් මේ වන විට සලසා තිබෙනවා.

තවද, සංචාරක වීසා මගින් විදේශගත වූ කාන්තාවන්ගේ වීසාපතෙහි කාලසීමාව අවසන්වීම හේතුවෙන්, ඕමාන් රාජ්‍යයේ රැඳී සිටින කාලසීමාවට අනුව නියමිත වීසා දඩමුදල් ගාස්තු ගෙවා එරට රජයෙන් නිදහස් කර ගැනීමටත්, සේවා ස්ථානයෙන් පැන​යන ලද කාන්තාවන් 18 දෙනෙකුගේ ගමන් බලපත්‍ර නොමැතිවීම හේතුවෙන් තාවකාලික ගමන් බලපත්‍ර ඔවුන් වෙත ලබාදීමට සහ ඔවුන් මෙරටට ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය ගුවන්ටිකට්පත් ලබාදීමේ කටයුතු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරෙනවා. ඒ අනුව, ඉදිරි කෙටිකාලයක් තුලදී එම කාන්තාවන් මෙරටට ගෙන්වීමේ ගුවන් ටිකට්පත් ලබාදීමටත් කාර්යාංශය මේ වන විට පියවර ගෙන තිබෙනවා.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleIMF ප්‍රමාදයට හේතුව හම්බන්තොට වරාය ගිවිසුම
Next Article ඩුබායි වැසියන් විදුලිය හා ජල​ය වෙනුවෙන් මිලියන ගණනක් ඉතිරි කරන ආකාරය
Stanly Kularathna

Related Posts

රට විරුවන්ගෙන් ගත වුණු මාස හතර ඇතුලත විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 641 ක්

June 7, 2025

මාර්ග ව්‍යාපෘති වලට වැඩි අවධානයක් දෙන්න – ජනාධිපති කියයි

June 7, 2025

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.