Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Land Marks»Burj Khalifa හි වැසියන් වරප්‍රසාද හෙළි කරයි
Dubai Land Marks

Burj Khalifa හි වැසියන් වරප්‍රසාද හෙළි කරයි

Stanly KularathnaBy Stanly KularathnaJanuary 5, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි නගර​ය, ලොව උසම කුළුණ වන Burj Khalifa හි නිවහන බවට පත් වී වසර 13 ක් ගතවී තිබෙනවා. 2010 ජනවාරි 4 වන දින විවෘත කල මීටර් 838 ක් උස මෙම ගොඩනැගිල්​ල නිසා ඩුබායි නගරය​ට ලෝක සිතිය​මේ සුවිශේෂී ස්ථානයක් හිමි වුණා. මෙ​ය ඉතාමත් ඉක්මනින් ලෝකය පුරා වාර්ෂිකව දහස් ගණනක් නරඹන්නන්ගේ ආකර්ෂණය ලඟාකරන සංකේතාත්මක විශ්මිත නිර්මාණයක් බවට පත් වුණා.

ඔබ​ට කවදා හෝ හිතුනා ​නම්, “ලෝකයේ ඉහළින්ම” සිටීම දැනෙන්නේ කෙසේදැයි කියා….. ඩොලර් මිලියන ගනනක් වටිනා දර්ශනීය වටපිටා​ව සහ ඔවුන් භුක්ති විඳින ලෝක මට්ටමේ පහසුකම් අත්විඳි​න Burj Khalifa වැසියන් කීපදෙනෙකුගේ අදහස් කීපයක් මේ.

2011 දී උසම කුළුණේ 64 වන මට්ටමේ මහල් නිවාසයක් මිලට ගත් නිම්මි ෂරීෆ් පැවසුවේ “කුළුණේ මම වඩාත්ම ප්‍රිය කරන්නේ එහි ආරක්ෂිත ක්‍රියාපිලිවෙල සහ ආරක්ෂාවයි. පූර්ව අවසරයකින් තොරව කිසිවෙකුට ගොඩනැගිල්ලට ඇතුළු විය නොහැකියි, මෙම පහසුකම් අනිසි ලෙස භාවිතා නොවන බව සහතිකයි. එය ඉතා ක්‍රමානුකූල වන අතර, ගොඩනැගිල්ල කෙතරම් හොඳින් ආරක්ෂා වී ඇත්දැයි දැන ගැනීමෙන් ඔබට අතිශයින්ම ආරක්ෂිත බවක් දැනේ.”

පුද්ගලික නැරඹුම් ප්‍රදේශය

කුළුණට වෙන්වූ වෙනම​ම නැරඹුම් ප්‍රදේශයක් ඇත, එහි පදිංචිකරුවන්ට නව වස​ර උදා​වේ ප්‍රකට දර්ශනීය ගිනිකෙළි පහසුවෙන් නැරඹිය හැකියි. නේවාසික උද්‍යානය ප්‍රදර්ශනයේ අසමසම දසුනක් ලබා දෙනවා, එය වඩාත් උනන්දුවෙන් බලා සිටින අලුත් අවුරුදු සැමරුම් වලින් එකකි.“මම එතන ඉඳන් ගිනිකෙළි බලන්න ආසයි” නිම්මි පැවසුවාය. “එය ඉතා පහසු වන අතර, බොහෝ විට අප සමඟ එය නැරඹීමට පැමිණෙන අමුත්තන් සිටිනවා”

සලීම් මූපෙන්, තවත් පදිංචි කරුවෙක් ඊට එකඟ විය. “මේ අවුරුද්දේ මාත් එක්ක ගිනිකෙළි බලන්න අමුත්තන් අටදෙනෙක් හිටියා. පවුලේ අය සහ මිතුරන් සමඟ සාමකාමීව උද්‍යානයට ඇවිද ගොස් ගිනිකෙළි නැරඹීමට හැකිවීම ඇත්තෙන්ම සතුටක්.”

වසර තුනක් තිස්සේ කුළුණේ 85 වන මහලේ ජීවත් වන ව්‍යවසායකයෙක් මෙසේ පැවසූවා “පසුගිය වසරේ, ගිනිකෙළි දර්ශනය පැවැත්වෙන අතරතුර කුළුණ තුළ හැඟෙන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට මට අවශ්‍ය වුණා, ඉතින් මම සංදර්ශනය අතරතුර ඇතුළත නැවතී සිටියා, මම පුදුමයට පත් වුණා. පොඩි සද්දයක් ඇරෙන්න වෙන කිසිම දෙයක් ඇහුණේ නෑ. ඔබට ගිනිකෙළි වල වර්ණ දැකිය හැකි නමුත් මට එය තිබියදී නිදා ගැනීමට අවශ්‍ය නම්, මට එයද ක​ල හැකියි. කුළුණ ශබ්ද ආරක්ෂණ​ය ක​ර ඇති ආකාරය පුදුම සහගතයි. ”

ආකර්ශනීය වටපිටා​ව

සලීම් ආකර්ශනීය දසුනක් සමඟ නිවසේ සිට වැඩ කිරීමට ප්‍රිය කරයි, “මම වැඩ කරන අතරතුර ඩුබායි ෆවුන්ටන් දර්ශනය දක්නට ලැබෙනවා, මම එයට කැමතියි. ගොඩනැගිල්ලේ ඇති පහසුකම් ද ලෝක මට්ටමේ ඒවා. සෑම මහල් කිහිපයක​ටම පිහිනුම් තටාකයක් සහ අංග සම්පූර්ණ ව්‍යායාම ශාලාවක් තිබෙනවා. 123 වන මහලේ අසීමිත ලෙ​ස පාන වර්ග සහිත කෝපි හලක් තිබෙනවා, නිරීක්ෂණාගාරය සමඟ මම සමහර විට ව්‍යාපාරික රැස්වීම් පවත්වනවා”

සලීම්ට, වසර ගණනාවක් පුරා එවැනි සුවිශේෂී ස්ථානයක ජීවත් වීම ‘සාමාන්‍ය’ ලෙස දැනෙනවා ඇති. නමුත් මිතුරන්ට සහ පවුලේ අයට එය සැමවිටම විස්මය දනවන ස්ථානයක් ලෙස දැනෙනු ඇති, එබැවින් ඔහු කිසි විටෙකත් අමුත්තන්ට සත්කාර කිරීමෙන් වෙහෙසට පත් නොවේ.

“මට බොහෝ විට දුරස්ථ ඥාතීන් හෝ මිතුරන් කතා කර කුළුණ නැරඹීමට ඉල්ලා සිටිනවා. මෙවැනි ස්ථානයක සංචාරය කිරීම ඔවුන්ගේ ජීවිත කාලය පුරාම සිහිනයක්. ඔවුන් පැමිණ බර්ජ් කලීෆා අවට ඇති සියල්ල දකින විට, ඔවුන්ගේ දෑස් දිලිසෙන බව ඔබට පෙනනවා. මම ඔවුන්ගේ ඇස්වලින් මුළු කුළුණ නැවත දකිනවා. මේ වෙනකම් මම කවදාවත් බලන්න ආසාවෙන් හිටපු කෙනෙක්ව ප්‍රතික්ෂේප කරලා නෑ. මෙම සංකේතාත්මක කුළුණේ ජීවත් වීමට මා ඇදහිය නොහැකි තරම් වාසනාවන්ත බව මම දන්නවා, මට හැකි සෑම කෙනෙකු සමඟම එම ආශීර්වාදය බෙදා ගැනීමට මම උත්සාහ දරනවා.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසුළු අනතුරු වාර්තා කිරීම Enoc පිරවුම්හල් වලදී
Next Article ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට සෞදි අල් නසර් මංගල දර්ශනය තහනම්
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.