ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හෙට සෞදි අල්-නසර් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගය තහනම් කිරීමට එංගලන්ත පාපන්දු සංගමය තීරණය කර තිබෙනවා.

37 හැවිරිදි ක්‍රිස්ටියානෝ පස් වතාවක් Ballon d’Or සම්මාන ලාභියෙකු ලෙස පත්වූවා. ඔහු සෞදි ප්‍රෝ ලීග් සමාජය සමඟ වසරකට ඩොලර් මිලියන 305 ක ලාභදායී ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව මෙතෙක් වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා බවට පත්ව ඇති බව වාර්තා වෙනවා.

පසුගිය මාසයේ මැන්චෙස්ටර් යුනයිටඩ් විසින් නිදහස් කරන ලද රොනාල්ඩෝ, සඳුදා රියාද් වෙත පැමිණි අතර විශාල රසික රසිකාවියන් පිරිසක් විසින් පිළිගනු ලැබුවා.

පසුව ඔහු පාපන්දු සමාජය සඳහා ඔහුගේ පළමු පුහුණු සැසියේදී ඔහුගේ නව සගයන් සමඟ එක් වුනා.

අල්-නසර් බලාපොරොත්තු වූයේ සිකුරාදා උදෑසන (AEDT) අල් තායි සමඟ තරඟයේදී පෘතුගීසි තරුව ඔවුන්ගේ විශාල මංගල දර්ශනය​ට ඉදිරිපත් කිරීමටයි. මෙම තරඟය සඳහා ආසන 28,000 ක ටිකට් විකුණා තිබුණා.

මෙම තහනමට හේතුව ලෙස වාර්තා වන්නේ පසුගියදා ගුඩිසන් පාර්ක්හිදී එවර්ටන් යුනයිටඩ් ගෝල 1-0 කින් පරාජය කිරීමෙන් පසු පිටියෙන් ඉ​වතට යන ක්‍රිස්ටියානෝ ඔටිසම් රෝගයෙන් පෙළෙන 14 හැවිරිදි කුඩා පිරිමි ළමයයෙකුගේ දුරකථනය ඔහුගේ අතෙන් ඉවතට තල්ලු කිරීම වෙනුවෙන් FIFA විසින් ලබා දුන් දඬුවමක් බවයි. මේ සඳහා රොනාල්ඩෝට ක්‍රීඩා දෙකක තහනමක් පනවා තිබුණා.

තරඟ අත්හිටුවීමේ FIFA නීති හේතුවෙන් සෞදි ලෝලීන්ට ඔවුන්ගේ නව වීරයාගේ ක්‍රීඩාවන් දැකගැනීමේ අවස්ථා ගිලිහී යනු ඇත.

Share.

Comments are closed.

Exit mobile version