පවතින යුධ වාතාවරණය සහ ශිත කාලගුණය නිසා දැඩි ලෙස පීඩාවට පත් යුක්රේන සිවිල් වැසියන් සඳහා එමිරේට්ස් විසින් මීට පෙර යවන ලද ආධාරයේ කොටසක් ලෙස, 2 වන ගෘහස්ත ජනක යන්ත්‍ර තොගය රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් යානයක් පෝලන්තයේ වෝර්සෝ වෙත ලඟාවී තිබෙනවා.

දෙසැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කළේ යුක්රේනයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් බලශක්ති යටිතල පහසුකම් කඩාකප්පල් කර විදුලිය ඇනහිටීම් ඇති කර ඇති සිවිල් වැසියන් වෙත ගෘහාශ්‍රිත ජනක යන්ත්‍ර 2,500ක් යවන බවයි.

විදුලි ජනක යන්ත්‍ර 1200 කින් සමන්විත පළමු ආධාර තොගය පසුගිය මාසයේ යවා ඇති අතර ඉතිරිය මේ සති​යේ ලබා දී ඇත.

යුක්රේනයේ අර්බුදයෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් වෙන් කරන ලද ඩොලර් මිලියන 100 ක මානුෂීය සහන ආධාරය තුළ මෙම සහයෝගය ලැබේ.

එක්සත් ජාතීන්ගේ යුක්රේන ෆ්ලෑෂ් අභියාචනය සහ යුක්රේන තත්ත්වය පිළිබඳ කලාපීය සරණාගත ආයාචනයන්​ට ප්‍රතිචාර වශයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය අර්බුදය ආරම්භයේ සිටම විපතට පත් වූවන්ගේ දුක් වේදනා සමනය කිරීමට මූලිකත්වය ගෙන ඇති අතර, ටොන් 360​ක ආහාර සැපයුම් හා වෛද්‍ය ආධාර රැගෙන ගුවන් යානා අටක් පියාසර කො​ට ඇත. එමෙන්​ම පෝලන්තය, මෝල්ඩෝවා සහ බල්ගේරියාවේ යුක්රේන සරණාගතයින් සඳහා ගිලන්රථද පරිත්‍යාග කොට ඇ​ත.

Share.

Comments are closed.