Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»Ronaldo, Messi, Mbappe, Neymar නැරඹීමට ප්‍රවේශ පත්‍ර ලංසුව සව්දි රියාල් මිලියන 9.3ක්
Sports

Ronaldo, Messi, Mbappe, Neymar නැරඹීමට ප්‍රවේශ පත්‍ර ලංසුව සව්දි රියාල් මිලියන 9.3ක්

Stanly KularathnaBy Stanly KularathnaJanuary 11, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පාපන්දු පිටියේ දිගුකාලීන ප්‍රතිවාදීන් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසී සෞදි අරාබියේ පැවැත්වෙන සුහද තරගයකදී ක්‍රීඩා කිරීම​ට නියමිත අතර, මෙම තරගය නැරඹීම සඳහා මුදල් වැඩිපුර ඇති ක්‍රීඩා ලෝලීන්ට පමණක් දැරිය හැකි ඉතා ඉ​හල මිලක් සහිත විශේෂ තරග ටිකට්පතක් සංවිධායකයින් විසින් නිකුත් කර තිබෙනවා.

සෑම ප්‍රධාන ශූරතාවක්ම දිනාගෙන ඇති සෑම කාලයකම විශිෂ්ටතම ක්‍රීඩකයින් පිරිසක් එකම තණතීරුවක ක්‍රීඩා කිරීම නැරඹීම වරප්‍රසාදයක් වනු ඇති. එම නිසාම එම තරගයේ විශේෂ ප්‍රවේශපත්‍රයක් සඳහා ලංසු තැබීම රියාල් මිලියන 9.3ක්  දක්වා ඉහළ ගොස් ඇති අතර එය පාපන්දු ඉතිහාසයේ ටිකට්පතක් සඳහා වැඩිම මිලක් වී​ම විශේෂත්වයක්.

ජනවාරි 19 වනදා රියාද්හි කිංග් ෆාඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ලයනල් මෙසී, Kylian Mbappe සහ නේමාර් වැනි ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයින් සුහද ගැටුමේදී එකිනෙකාට එරෙහිව තරඟ කරනු ඇති.

Riyad Season Cup සඳහා මෙතෙක් ලබා දී ඇති වැඩිම ලංසුව වන සව්දි රියාල් මිලියන 9.3​ විශේෂ පාපන්දු තරඟ ටිකට් පතක් ​සඳහා වූ ඉහළම ලංසුව වනවා.

එහෙත්, ජනවාරි 17 වැනිදා වෙන්දේසිය අවසන් වීමට තවත් සතියක් ඉතිරිව ඇති බැවින් වාර්තා ගත ලංසු තවත් ඉහළ යාමට නියමිතයි. එහි ආදාය​ම Ehsan පුණ්‍යායතනයට බැර කෙරෙනවා.

ප්‍රවේශ පත්‍රය හිමි එහි වාසනාවන්තයාට රොනාල්ඩෝ, මෙසී, Mbappe සහ නේමාර් හමුවීමට ඉඩ සැලසෙනවා. ඔහුට හෝ ඇයට සමාරම්භක උත්සවයට සහභාගී වීමට, ඔවුන්ගේ කාමර වල​ට ඇතුළු වීමට, ඔටුනු පැළඳීමේ උත්සවයට සහභාගී වීමට, දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වීමට සහ ජයග්‍රාහී කණ්ඩායම සහ ක්‍රීඩකයින් සමඟ ඔවුන්ගේ ඡායාරූප ගැනීමට ද අවසර ලැබෙනවා.

Featured Middle East
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජාහි ඩිරාම් මිලියන 565 ක් වටිනා ණය, අගරු චෙක්පත් සම්භන්ධ නඩු උසාවියෙන් පිටත විසඳා ගනී
Next Article UAE හි එතිහාඩ් හා එමිරේට්ස් 2022 දී වඩාත්ම වෙලාවට වැඩ කරන ගුවන් සේවා අතර
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.