Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»2022 දී එමරාතිකරණ ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වූ සමාගම්වලට ඩිරාම් මිලියන 400​ක දඩයක්
Law

2022 දී එමරාතිකරණ ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වූ සමාගම්වලට ඩිරාම් මිලියන 400​ක දඩයක්

Stanly KularathnaBy Stanly KularathnaJanuary 12, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතිකරණ අමාත්‍යාංශය (MoHRE) විසින් 2022 වසරේ එමරාතිකරණ ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වූ පුද්ගලික සමාගම්වලට එරෙහිව ඩිරාම් මිලියන 400​ක දඩ මුදලක් නිකුත් කර ඇත. වෘර්තීය දක්ෂතා ඇති සේවකයින් 50 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින සමාගම්වල පසුගිය වර්ෂය අවසන් වන විට 2% ක එමරාතිවරුන් සංඛ්‍යාවක්ස සිටිය යුතු විය..

කුලියට නොගත් සෑම එමිරාතියෙකු සඳහාම ආයතනවලට වසරකට ඩිරාම් 72,000 දඩ නියම කරන ලදී. ෆෙඩරල් නීතියට අනුව 2026 අවසානය වන විට මෙම අගය 10% දක්වා ළඟා විය යුතුය. ඒ සඳහා වාර්ෂිකව 2% කින් එමරාතිකරණ අනුපාත ඉහළ නැංවීම අරමුණු කරයි. සමාගම් 9,293 ක් පමණ 2022 සඳහා ඔවුන්ගේ ඉලක්ක සපුරා ගෙන ඇ​ත.

එමරාතිවරුන් 50,000කට වැඩි පිරිසක් දැන් පුද්ගලික අංශයේ සේවය කරන අතර ඉන් 28,700ක් සම්බන්ධ වී ඇත්තේ Nafis වැඩසටහන දියත් කිරීමෙන් පසුවයි. ඒ අනුව පුද්ගලික අංශයේ එමරාතියන් 70%ක වැඩිවීමක් පෙන්නුම් කරණවා​.

එමිරාති ටැලන්ට් තරඟකාරීත්ව කවුන්සිලයේ (නෆිස්) අධ්‍යක්ෂ මණ්ඩලය 2023 බදාදා සිය පළමු රැස්වීම පැවැත්වූ අතර, එමිරාතිවරුන්ට පෞද්ගලික අංශයේ රැකියා ලබා ගැනීමට සුදුසුකම් ලබා ගැනීමේ සහ හැකියාව ලබා දීමේ වැඩසටහනේ ප්‍රතිඵල සමාලෝචනය කිරීම එහිදී සිදුවි​ය.

MoHRE විසින් ව්‍යාජ එමිරාතිකරණ අවස්ථා 227ක් වාර්තා කර තිබුණ අත​ර නීතිය උල්ලංඝනය කළ ආයතන 109කට පරිපාලන දඩ නියම කොට එම ආයතන ශ්‍රේණිගතකිරීමෙන් 3 වැනි කාණ්ඩයට පහත හෙලා ඇ​ත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යෝජනාවක් මගින් එමරාතීකරණ ඉලක්ක සහ ප්‍රතිපත්තිවල ජයග්‍රහණ කෙරෙහි බලපාන සෘණාත්මක භාවිතයන් සීමා කිරීම සඳහා ඒකාබද්ධ නීති රාමුවක් ක්‍රියාත්මක වෙනවා. යෝජනාවට අනුව, ආයතනයක් නෆීස් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ව්‍යාජ ලෙස එමරාතීකරණ​ය සිදු කරන්නේ නම්, එක් එක් ව්‍යාජ එමරාති සේවකයෙකු සඳහා ඩිරාම් 20,000 ත් ඩිරාම් 100,000 ත් අතර පරිපාලන දඩයක් පනවනු ලැබේ. නෆීස් විසින් පිරිනමනු ලබන මූල්‍ය ආධාර සහ අනෙකුත් ප්‍රතිලාභ අත්හිටුවනු ඇති අතර, බෙදා හරින ලද මුදල් ආපසු අයකර ගැනීමද කරණු ලබනවා.

විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍ය Sheikh Abdullah bin Zayed Al Nahyan මහතා ඉදිරියේ නෆීස් රැස්වීමේ මුලසුන දැරුවේ නියෝජ්‍ය අගමැති සහ ජනාධිපති අධිකරණයේ අමාත්‍ය Sheikh Mansour bin Zayed Al Nahyan විසිනි. නෆිස්ගේ මූල්‍ය ආධාර වැඩසටහන්වල ප්‍රතිලාභීන් සංඛ්‍යාව 32,566 දක්වා ළඟා වී ඇ​ත. මෙම යෝජනා ක්‍රමයට ඇතුළත් වූ එමරාතීන්​ වැටුප් සහය, විරැකියා ප්‍රතිලාභ සහ වෙනත් වරප්‍රසාද භුක්ති විඳිති.

Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට වාර්ෂිකව ඩොලර් මිලියන 421ක්
Next Article UAE ගමන් බලපත්‍රය ලොව බලවත්ම 15 අතරට
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.