2023 වසරේ Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ දත්ත වලට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍රය ලොව ප්‍රබලතම ගමන් බලපත්‍ර 15 න් එකක් ලෙස එහි ස්ථානය රඳවා ගෙන ඇත.

මෙම දර්ශකය විවිධ ගමන් බලපත්‍ර 199ක වීසා රහිත ප්‍රවේශය සංචාරක ගමනාන්ත 227 සඳහා සංසන්දනය කරයි. අලුතින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා බලපත්‍රයක් නොමැතිව හෝ වීසා බලපත්‍රයක් ගමනාන්තයේදී ලබාගැන්ම​ට රටවල් 228 න් 178 කදී හැකියාව ලැබේ.

රටේ විදේශ ගමන් බලපත්‍රය, ඓතිහාසික වශයෙන් ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන පිම්මක් පෙන්නුම් ක​ර ඇති අතර, 2006 දී ලෝකයේ බලවත්ම ගමන් බලපත්‍ර අත​ර 62 වැනි ස්ථානයේ සිට, 2018 දී 21 වැනි බලවත්ම ගමන් බලපත්‍රය දක්වාත්, 2022 දී 15 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

එය ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) කලාපයේ සහ පුළුල් අරාබි ලෝකයේ පවා ශක්තිමත්ම ගමන් බලපත්‍රය ලෙස පවතී.

වීසා නොමැතිව පුරවැසියන්ට ප්‍රවේශ විය හැකි රටවල් ලැයිස්තුවට සෞදි අරාබිය, ප්‍රංශය, ග්‍රීසිය, පිලිපීනය සහ හොංකොං ඇතුළත් වෙනවා. ලැයිස්තුවේ බහමාස්, ෆීජි, මොරිෂස්, ජෝර් ජියා සහ සීෂෙල්ස් වැනි ජනප්‍රිය නිවාඩු ගමනාන්ත ද ඇතුළත් වෙනවා.

එක්සත් රාජධානිය, කැනඩාව, නවසීලන්තය, මාලදිවයින, බංග්ලාදේශය සහ ඉරානය යන රටවලට පැමිණීමේදී වීසා බලපත්‍රයක් ලබා ගත හැකි රටවල් වේ.

ජපානය, සිංගප්පූරුව සහ දකුණු කොරියාව ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර, මෙම ගමන් බලපත්‍ර හිමිකරුවන්ට පිළිවෙලින් රටවල් 193 සහ 192 වෙත ප්‍රවේශ විය හැකිය. ඉන්දීය විදේශ ගමන් බලපත්‍රය ලොව බලවත්ම රටවල් අතරින් 85 වැනි ස්ථානයට පත්ව ඇති අතර පාකිස්තානයේ විදේශ ගමන් බලපත්‍රයට හිමිව ඇත්තේ 106 වැනි ස්ථානයයි.

Share.

Comments are closed.