වහාම ක්‍රියාත්මක වන පරිදි කුලී රථ ගාස්තු කිලෝමීටරයකට ෆිල් 22 කින් අඩු කිරීමට RTA නිවේදනය කලා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා ඉන්ධන මිල පහත වැටීම පිළිබිඹු කරමින් ඩුබායි හි කුලී රථ ගාස්තු දෙවන වරටත් අඩු කර ඇති බව ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තහවුරු කර තිබෙනවා.

RTA හි පොදු ප්‍රවාහන නියෝජිතායතනයේ සැලසුම් සහ ව්‍යාපාර සංවර් ධන අධ්‍යක්ෂ, Adel Shakri පැවසුවේ කිලෝමීටරයකට ගාස්තුව දැන් ෆිල් 22 කින් අඩු වී ඇති බවයි. මී​ට පෙර කිලෝමීටරයක​ට ගාස්තුව ඩිරාම් 2.19 වූ අතර දැන් ඩිරාම් 1.97 කි.

මෙයින් අදහස් කරන්නේ කිලෝමීටර් 20ක කුලී රථ ගමනක් දැන් Dh4.40 අඩු බවයි.

“අපි සැමවිටම සලකා බලන්නේ මගී මහජනතාවට හොඳම ප්‍රවාහන සේවා සැපයීමයි. කුලී රථවල නවතම කුලී රථ ගාස්තු අඩු කිරීම මෙහි පිළිබිඹුවකි” කෙසේ වෙතත්, ඩුබායි හරහා කුලී රථ වෙන්කරවා ගැනීමේ සහ ආරම්භ කිරීමේ ගාස්තුව නොවෙනස්ව පවතී. “ටැක්සි ගාස්තු වල වෙනස දේශීය වෙළඳපොලේ උච්චාවචනය වන ඉන්ධන මිල මත පදනම් වූ ගතික වෙනසක් වන අතර එය කිලෝමීටරයකට ඉන්ධන භාවිතය මත පදනම්ව ගණනය කෙරෙනවා” ඔහු තවදුරටත් පැවසුවා.

Share.

Comments are closed.