Numbeo ශ්‍රේණිගත කිරීම්වල 2023 සඳහා ලෝකයේ ආරක්ෂිතම නගරය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබි නම් කොට තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීම්වල හොඳම දස දෙනා අතර​ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නගර කිහිපයක් ද එක් වී තිබීම විශේෂයි. ඉන් අජ්මාන් සිව්වන ස්ථානයටත්, සාජා පස්වන ස්ථානයටත් ඩුබායි නගරය හත් වන ස්ථානයටත් පත්ව තිබෙනවා.

අනෙකුත් GCC නගර ද හොඳින් ශ්‍රේණිගත කර ඇති අත​ර, ලෝක කුසලාන සත්කාරක රට වන කටාර් හි දෝහා මෙම වසරේ දෙවන ස්ථානයට පත්ව ඇත.

තුන්වන ස්ථානය තායිපේට හිමි වූ අතර, හොඳම දස දෙනා අතර කැනඩාවේ ක්විබෙක් නගරය (හයවන ස්ථානය), ස්පාඤ්ඤයේ සැන් සෙබස්තියන් (අටවන ස්ථානය), ස්විට්සර්ලන්තයේ බර්න් (නවවැනි ස්ථානය) සහ තුර්කියේ එස්කිසෙහිර් (දසවැනි ස්ථානය) ඇතුලත් වෙනවා.

ඕමානයේ මස්කට් ද 14 වැනි ස්ථානයේ සිටින අතර සෞදි අරාබියේ රියාද් සහ ජෙඩා පිළිවෙලින් 53 සහ 63 වැනි ස්ථාන හිමිකරගෙන ඇත. කුවේට් නගරය 81 වැනි ස්ථානයට පත් වී තිබෙනවා. ශ්‍රේණිගත කිරීම් පදනම් වී ඇත්තේ නගර දහස් ගණනක වෙසෙන පදිංචිකරුවන්ගේ සමීක්ෂණ මත වන අතර, නගර 416 කින් ප්‍රමාණවත් දත්ත ආරක්ෂිත දර්ශකය සෑදී ඇත.

Share.

Comments are closed.