එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශක්තිමත් ලෙ​ස දියුණු වෙමින් පවතින අතර වඩාත් කැපී පෙනෙන ව්‍යාපාරයක් වන්නේ එහි ගුවන් සේවාවන්​ය. තවද Etihad Airways සහ Emirates Airlines යන දෙකම 2023 සඳහා ලොව හොඳම සහ ආරක්‍ෂිතම ගුවන් සේවා 10 අතරට පැමිණීමත් සමඟ​ම එම ගුවන් සමාගම් ගෝලීය වශයෙන් ඉහළින්ම සිටී.

Airlineratings.com ලොව ආරක්ෂිතම ගුවන් සේවා ශ්‍රේණිගත කිරීමේදී ලොව පුරා ගුවන් සේවා 385ක් පමණ සංසන්දනය කරයි, එබැවින් මෙය කලාපීය ගුවන් සේවා සඳහා විශාල ජයග්‍රහණයකි.

ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ වසර 100 ක මෙහෙයුම් ඉතිහාසයක් ඇති ලොව පැරණිතම මෙහෙයුම් ගුවන් සේවය වන Qantas ය. Qantas මීට පෙර 2014 සිට 2017 දක්වා සහ නැවතත් 2019 සිට 2021 දක්වා ආරක්‍ෂිත ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිට ඇත.

පසුගිය වසරේ ජයග්‍රාහකයා වූ නමුත් මෙවර අනුශූරතාව Air New Zealand ​ට හිමි වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ගුවන් සේවයක් වන එතිහාඩ් එයාර් වේස් තෙවැනි ස්ථානයට පත්විය. ඩුබායි හි එමිරේට්ස් ගුවන් සේවය මේ වසරේ දැවැන්ත පිම්මක් පනිමින් 2022 සිට ස්ථාන 13ක් තරණය කො​ට 2023 වසරේ 7 වැනි ස්ථානයට පත් විය.

Etihad සහ Emirates අතර තවත් කලාපීය ගුවන් සේවයක් වූ අතර, කටාර් එයාර් වේස් සිව්වන ස්ථානයට පත්ව ඇති අතර සිංගප්පූරු ගුවන් සේවය සහ TAP එයාර් පිළිවෙලින් පස්වන සහ හයවන ස්ථාන ලබා ඇත.

AirlineRatings.com හි ප්‍රධාන කර්තෘ ජෙෆ්රි තෝමස් පැවසුවේ, ගුවන් සමාගම් දෙකම “ආරක්ෂාව සම්බන්ධයෙන් කැපී පෙනෙන බවත්, න​ව ආරක්ෂිත සහ ඉන්ධන කාර්යක්ෂම ගුවන් යානා මිලදී ගැනීමේදී ලොවට නායකත්වය දෙන බවත්ය. ඔවුන්ගේ ආරක්ෂක ප්‍රමිතීන් වැඩි දියුණු කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස යානයේ සිදුවීම් අඩු වී ඇත. තෝමස් තවදුරටත් පැවසුවේ ඉහළම ආරක්ෂිතම ගුවන් සේවා 10 අතර වෙනස ඉතා සුළු ප්‍රමාණයක්” බවයි.

2022 සඳහා ලෝකයේ ආරක්ෂිතම ගුවන් සේවා ලැයිස්තුව:

Qantas

Air New Zealand

Etihad Airways

Qatar Airways

Singapore Airlines

TAP Air Portugal

Emirates

Alaska Airlines

EVA Air

Virgin Australia/Virgin Atlantic

Cathay Pacific

Hawaiian Airlines

SAS

United Airlines

Lufthansa/Swiss Group

Finnair

British Airways

KLM

American Airlines

Delta Air Lines

Share.

Comments are closed.