Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Tourism»“සීතාවක ඔඩිසි” සංචාරකයින් 50 දෙනෙකුගෙන් ආරම්භවේ
Tourism

“සීතාවක ඔඩිසි” සංචාරකයින් 50 දෙනෙකුගෙන් ආරම්භවේ

Stanly KularathnaBy Stanly KularathnaJanuary 19, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඓතිහාසික සීතාවක පුරවර​යේ සංචාරක කර්මාන්තය නංවාලී​මේ අරමුණින් සංචාරක දුම්රිය සේවාවක් වන “සීතාවක ඔඩිසි” සංචාරකයින් 50 දෙනෙකුගෙන් ජනවාරි 15 වෙනිදා සිය මංගල ගමන ආරම්භ කෙරුවා.

සීතාවක පුරවර​යේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා සති අන්ත සංචාරක දුම්රිය සේවාව ආරම්භ කරන බව සීතාවකපුර සංචාරක කලාප ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ සුන්දරම පරිසරය කැලණි මිටියාවත ආසන්නයේ පිහිටි සීතාවක නිම්නයයි. සීතාවක රාජධානියේ මෙම ප්‍රදේශ​යේ ඉමහත් ඓතිහාසික වැදගත්කමක් ඇති අත​ර සම්ප්‍රදායික සටන් කලාවන් සහ පුරාවිද්‍යා ස්ථාන වැනි සංචාරක ආකර්ෂණ ස්ථාන රැසකින් සමන්විත වෙනවා. ඒ නිසා කොළඹ ඇතුළු අනෙකුත් ප්‍රදේශවල ජනතාව​ට මේ වැදගත්කම ගැන මීට වඩා දැනුවත් කළ යුතුයි. ඔවුන් මේ ප්‍රදේශයට පැමිණීමට උනන්දු කළ යුතුයි.

ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නව ආයෝජන ක්ෂේත්‍රයක් නිර්මාණය වී ඇත. සංචාරක ව්‍යාපාරය වඩාත් ක්‍රමානුකූලව සංවර්ධනය කිරීම සඳහා කැලණිවැලි දුම්රිය මාර්ගය කෙරෙහි අවධානය යොමු කරමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ ධාවනය වන ඇල්ල ඔඩිසි සහ මහනුවර ඔඩිසි වැනි සංචාරක දුම්රිය ඉල්ලුමට සරිලන මට්ටමට වර්ධනය වී ඇති බව අමාත්‍ය ගුණවර්ධන මහතා පැවසීය.

රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ප්‍රවාහන සේවාවක් හරහා මගීන්ට කොළඹ සිට වග දක්වා දුම්රියෙන් පැමිණිය හැකි බවද ඔහු පැවසීය.

සීතාවකපුර උද්භිද උද්‍යාන ශ්‍රවණාගාරයේ පැවති මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ නියෝජිතයින්, දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය සහ ව්‍යාපෘතියට අදාළ ආයතන නියෝජිතයින්, ප්‍රාදේශීය පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලොව ප්‍රථම පිපිරුම් ආරක්ෂිත CCTV කැමරාව UAE හි දියත්​​කෙ​රේ
Next Article RTA, Careem BIKE සවාරි මිලියන 2.8ක් සමරයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.