ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටිනවා. ආහාර උද්ධමනය සහ විරැකියා අනුපාත ඉහළ ගොස් ඇති අතර විදේශ විනිමය සංචිත සිඳී ගොස් ඇති අතර රුපියල ඩොලරයට සාපේක්ෂව පහත වැටී තිබෙනවා. රට මුදල් හිඟ වෙමින් පවතින අතර වහාම IMF ණය සහනයක් අපේක්ෂා කරනවා. සියලු දුෂ්කරතාවලට එරෙහිව, ශ්‍රී ලංකාව සිය ජාතිය ණය බරින් පිරුණු ආර්ථිකය පුනර් ජීවනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දරනවා. බංකොලොත් වී ඇති රජ​ය, සෑම විටම ස්ථාවර ප්‍රාග්ධන ගලා ඒම සහතික කර ඇති අං​ශ දෙකක් දෙස බලාපොරොත්තුව සිටිනවා. ​ඒ සංචාරක ව්‍යාපාරය සහ විදේශ ප්‍රේෂණයි.

ශ්‍රී ලංකාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල රැකියා සොයා ගැනීමට සහ විදේශ ප්‍රේෂණ ඉහළ නැංවීමට තව තවත් විදෙස්ගත ශ්‍රමිකයන් වැඩිකිරීමට අපේක්ෂා කරනවා.

“මගේ අමාත්‍ය ධූරය​ට මාස හතයි. මම ඔක්තෝම්බර් මාසයේදී ප්‍රධාන ශ්‍රම​ය ලබන රටවල සංචාරය කිරීමට පටන් ගත්තෙමි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය අපට විශාල වෙළෙඳපොළකි. මෙහි සංක්‍රමණික කම්කරුවන් 380,000කට වැඩි පිරිසක් සිටිනවා” නානායක්කාර මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිව්දින නිල සංචාරය අතරතුර පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

පසුගිය වසරේ වාර්තාගත ශ්‍රී ලාංකිකයන්  311,188ක් විදේශ රැකියා සඳහා රට හැර ගිය අතර එයින් 85% ක්​ම මැද පෙරදිගට වෙතයි.

ප්‍රේෂණ – විදේශ විනිමය සඳහා ප්‍රධාන මූලාශ්‍රයක් වන අතර, සංක්‍රමණික සේවකයින් 2022 දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 475 කට වඩා එවීමත් සමඟ එය ඉහළ ගියා. එය 2021 එම කාලයට වඩා බෙහෙවින් වැඩි නමුත් පූර්ව Covid-19 වසංගත කාලයට වඩා අඩුය.

2022 දී ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 35,000 කට වැඩි පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමත් සමඟ, ඔවුන්ගෙන් සමහරක් සංචාර​ක වීසා බලපත්‍රයක් මත රැකියා සොයන බව වාර්තා වුනා. කිහිප දෙනෙකුට වෙනත් නීති විරෝධී වෙළඳාම් කටයුතු කිරීමට පෙළඹී තිබෙනවා.

නානායක්කාර මහතා මානව සම්පත් සහ එමිරාතිකරණ අමාත්‍ය Abdulrahman Abdulmannan Al Awar හමුවී මිනිස් ජාවාරම් ඇතුළු ගැටලු සාකච්ඡා කර විසඳීමට බලාපොරොත්තු වෙනවා.

“වර් තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන් ගල්ෆ් කලාපයේ විදේශ රැකියා අවස්ථා අපේක්ෂා කරන අතර රැකියා සොයා බැලීම සඳහා මිනිසුන් සංචාරයකට පැමිණීමේ ප්‍රවණතාවක් පවතී. මේ හරහා ප්‍රශ්න රාශියක් නිර්මාණය වී ඇති අතර මෙය යම් ප්‍රමාණයකට ද්විපාර්ශ්වික සබඳතා පළුදු කිරීමේ හැකියාවක් පවතිනවා. ආචාර්ය අබ්දුල්රහ්මන් සමඟ මා හමුවීමේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලාංකේය වෘත්තිකයන් සහ පුහුණු ශ්‍රමිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා සෙවීමත් සමඟම ඒවා විසඳීමට මාර්ග සෙවීමයි.

නානායක්කාර මහතා මූල්‍ය, සෞඛ්‍ය සේවා, බලශක්ති සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල වෘත්තිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා සොයමින් සිටී.

“අපි මෙය කිරීමට අදහස් කරන්නේ නිපුණතා සත්‍යාපනය සහ සුදුසුකම් සමාන කිරීමේ සහතික වැඩසටහනක් හරහායි. එසේම, තෙල් හා ගෑස් කර්මාන්තයේ ශ්‍රී ලාංකිකයින් අඩුවක් ද අපි දැක ඇති අතර රජයෙන් රජයට වැඩසටහනක් ලෙස කෝටාවක් හරහා අපි වැඩි අවස්ථා සොයන්​නෙමු.

දේශීය හා ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළ සඳහා නිපුණතා සහිත ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා නානායක්කාර මහතාගේ මඟපෙන්වීම යටතේ අමාත්‍යාංශය ප්‍රතිසංස්කරණ කිහිපයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

“මම දැන් ශ්‍රම වෙළඳපොළ තොරතුරු පද්ධතියක් හරහා ජාතික මට්ටමේ ශ්‍රම වෙළඳපොළ බුද්ධි වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. රැකියා වෙලඳපොලවල් සඳහා අවශ්‍ය ලක්ෂණ සහිත ශ්‍රම සැපයුම සහ ඉල්ලුම පිළිබඳ වැඩි අවබෝධයක් මෙමගින් අපට ලබා දෙනු ඇත. නිෂ්පාදනය කරනු ලබන දේ දේශීය හා ජාත්‍යන්තර රැකියා වෙළඳපොලේ අපේක්ෂාවන් සපුරාලිය හැකි බව සහතික කිරීම සඳහා අපි මෙය අපගේ අධ්‍යාපන නිලධාරීන් සමඟ සන්නිවේදනය කරන්නෙමු.

පසුගිය වසරවලදී, නීතිවිරෝධී මාර්ග හරහා සිදු කරන ලද ගනුදෙනුවලට සම්බන්ධ වූ ප්‍රේෂණ පහත වැටීමත් සමඟ ආර්ථික දුක්ඛිත තත්ත්වයන් තවදුරටත් පීඩාවට පත් විය.

හවාලා ලෙස ප්‍රචලිත මුදල් හුවමාරු ක්‍රමවේදය දශකයකට වැඩි කාලයක් තිස්සේ අවධානයට ලක් වූ නමුත් පසුගිය වසර දෙක තුළ එය සීමාව ඉක්මවා ගිය බව නානායක්කාර සඳහන් කළේය. මෙම අභියෝගයට මුහුණ දීම සඳහා රජය විසින් රුපියල් 20,000ක ප්‍රේෂණ යවන අයට අමතර ශ්‍රී ලංකා රුපියල් 1,000ක දිරිගැන්වීමක් ලබාදෙනවා. මුදල් ප්‍රේෂණ සඳහා ‘SL- Remit’ ජංගම යෙදුමක් දියත් කිරීම සහ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විදේශ මුදල් තැන්පතු සඳහා පොලී සීමාවන් ඉවත් කිරීම ඇතුළු පියවර කිහිපයක් ආරම්භ කලා. දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කර ශ්‍රමිකයන් එවන මුදලින් 50% කට විදුලි මෝටර් රථ ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීමට කටයුතු ක​ර තිබෙනවා. එසේම, සංක්‍රමණික සේවකයින් සඳහා ගුවන් තොටුපලවල “හෝප් ගේට්” විශේෂිත පිවිසුමක් විවෘත කර තිබෙනවා.

“අපි සංක්‍රමණික කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා වැඩි ප්‍රතිලාභ සහ දිරිගැන්වීම් ලබා දුන් අතර එය පසුගිය වසර 20​ක ඒකාබද්ධ කාලසීමාව​ට වඩා ඉහළ අගයක් ගන්නවා.”

එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකා​ව රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1979 දී ආරම්භ කරන ලද අතර සම්ප්‍රදායිකව විදේශ රැකියා මත පදනම් විය. කෙසේ වෙතත්, මෑත අතීතයේ දී වෙළඳාම සහ ආයෝජන සඳහා සහයෝගීතාවය සඳහා නව අවස්ථා සමඟ ද්විපාර්ශ්වික අවශ්යතා පුළුල් විය.

“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ සෘජු ආයෝජන 2020 සහ 2021 දී ඩොලර් මිලියන 19 ඉක්මවා ඇති අතර එම කාලය තුළ ද්විපාර් ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 2.7 ක් විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාව තුළ සෘජු විදේශ ආයෝජන සඳහා ප්‍රමුඛතම මූලාශ්‍රවලින් එකක් වන අතර කලාපය සමඟ ශ්‍රී ලංකාවේ වෙළඳාමෙන් අඩකට වඩා නියෝජනය කරන වෙළඳ හුවමාරුවක් සහිත මැදපෙරදිග විශාලතම වෙළඳ හවුල්කරුවෙකි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවේ ‘සැබෑ මිතුරෙකු’ බව නානායක්කාර අවධාරණය කළේය.

“ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පසුගිය වසරේ පමණක් වියළි සලාක, ආහාර ඇසුරුම්, ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් මානුෂීය ආධාර බෙදා හැරීමෙන් පවුල් 6,867 ක් සහ පුද්ගලයින් 35,000 ක් පමණ ප්‍රතිලාභ ලබා ඇත” අමාත්‍යවරයා අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහය බලාපොරොත්තු වන බව පැවසීය.

Share.

Comments are closed.