Etihad Rail දුම්රිය මාර්ග​යේ ඩුබායි හි පිහිටා ඇති අල් කුද්‍රා පාලම එමිරේට්ස් හි ප්‍රධාන ජාලය තුළ ඇති දිගම දුම්රිය පාලම වෙනවා. එය එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා භාණ්ඩ ප්‍රවාහනයට ධනාත්මක ලෙස දායක වන වෙළඳාම සහ වාණිජ්‍යය සඳහා අත්‍යවශ්‍ය මාර්ගයක් නිර්මාණය කරනවා.

ව්‍යාපෘති 50 ​ක කොටසක් ලෙස දියත් කරන ලද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දුම්රිය වැඩසටහනට ඩොලර් බිලියන 50 ක ආයෝජනයක් සමඟ එමිරේට්ස් හත​ම සම්බන්ධ කරන ජාතික දුම්රිය ව්‍යාපෘති ජාලයක් ඇතුළත් වෙනවා. මෙම වැඩසටහන මගින් ඩොලර් බිලියන 200 ක ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට අපේක්ෂිතයි.

කිලෝමීටර් 256 දිග ඩුබායි සහ අබුඩාබි යා කරන දුම්රිය මාර්ග​යේ පාලම් 29 ක්, හරස් මාර් ග 60 ක් සහ ජලාපවහන මාර්ග 137 ක් ඇත. සම්පූර්ණ කැණීම් සහ නැවත පිරවීමේ කාර්යය ඝන මීටර් මිලියන 46 ක් වූ අතර, කම්කරුවන් 13,300 කගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද අතර, වැඩ කරන පැය මිලියන 47 කට වඩා වාර්තා වී තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දුම්රිය ජාලයේ සංවර්ධකයා සහ ක්‍රියාකරු වන Etihad Rail 2009 දී දියත් කරන ලදී.

සම්පුර්ණ වූ විට, භාණ්ඩ ප්‍රවාහනය සහ මගීන් යන දෙඅංශයෙන්ම සපයනු ලබන එතිහාඩ් දුම්රිය ජාලය – එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා මුළු කිලෝමීටර 1,200 ක් විහිදේ. මෙම ජාලය GCC දුම්රිය ජාලයේ කොටසක් ද වනු ඇත – එක්සත් අරාබි එමීර් රාජ්‍යය බටහිරින් Ghweifat හරහා සෞදි අරාබිය සහ නැගෙනහිරින් Al Ain හරහා ඕමානය සම්බන්ධ කරයි.

Share.

Comments are closed.