මානව සම්පත් සහ එමරාතිකරණ අමාත්‍යාංශය විසින් සේවා යෝජකයන්ට ලබා දී ඇති වත්මන් රැකියා ගිවිසුම් කොන්දේසි නිවැරදි කිරීමේ කාලසීමාව, 2023 දෙසැම්බර් 31 දක්වා දීර් ඝ කොට තිබෙනවා. විශේෂයෙන් කම්කරුවන් සහ සේවා යෝජකයන් අතර අත්සන් කොට අවසන් කරන ලද රැකියා කොන්ත්‍රාත්තු අවිනිශ්චිත කාලීන (indefinite-term) රැකියා කොන්ත්‍රාත්තුවේ සිට ස්ථාවර (fixed-term) දක්වා වෙනස් කල යුතු බව නිවේදනය කර ඇත.

2022 පෙබරවාරි 2 වන දින සිට බලාත්මක වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරු නීතියට අනුව, සේවකයා සඳහා සේවා කොන්ත්‍රාත්තුව වසර තුනක් නොඉක්මවන නිශ්චිත කාලයක් සඳහා සීමා කොට ඇත. සේවා යෝජකයාගේ සහ සේවකයාගේ එකඟතාවයෙන්, සමාන කාල සීමාවක් සඳහා හෝ කෙටි කාලයක් සඳහා දීර් ඝ කිරීම හෝ අලුත් කිරීම​ට එක් වරක් අවසර ඇ​ත.

පැහැදිලි ගිවිසුමකින් තොරව සේවායෝජකයා සහ සේවකයා කොන්ත්‍රාත්තුව එහි මුල් කාලය අවසන් වීමෙන් පසුව දිගටම ක්‍රියාත්මක කරන්නේ නම්, මුල් කොන්ත්‍රාත්තුවෙහි අඩංගු කොන්දේසි යටතේම දීර්ඝ කර ඇතැයි සලකනු ලැබේ.

කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීම හෝ අලුත් කිරීමකදී, නව කාලසීමාව හෝ කාලපරිච්ඡේදය මුල් කාලයෙහි දිගුවක් ලෙස සලකනු ලබන අතර සේවකයාගේ අඛණ්ඩ සේවා කාලය ගණනය කිරීමේදී එය එකතු කරනු ලැබේ.

නව කම්කරු නීතිය බලාත්මක වන දින සිට වසරක් ඇතුළත සහ එහි අඩංගු කොන්දේසි, පාලනයන් සහ ක්‍රියා පටිපාටිවලට අනුකූලව නිශ්චිත නොවන වැඩ කොන්ත්රාත්තු ස්ථාවර කාලීන වැඩ කොන්ත්‍රාත්තු බවට පරිවර්තනය කරනු ලැබේ

මහජන අවශ්‍යතා අනුව අමාත්‍ය මණ්ඩලයට මෙම කාලය වෙනත් කාල සීමාවන් සඳහා දීර්ඝ කළ හැකිය.

නව තීරණයට අනුව, පෞද්ගලික අංශයේ සේවකයින් සහ සේවා යෝජකයන් අතර අවසන් කර අත්සන් කරන ලද අවිනිශ්චිත කාලීන රැකියා කොන්ත්‍රාත්තුවේ සිට ස්ථාවර කාලීන රැකියා කොන්ත්‍රාත්තු දක්වා, කොන්ත්‍රාත්තු මාරු කිරීම  2023 දෙසැම්බර් 31 දක්වා දීර් ඝ කරතිබෙනවා.

Share.

Comments are closed.