ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සහ එම්. අයි. එමිරේට්ස් කන්ඩායම අතර ඊයේ සාජා ක්‍රිකට් ස්ටේඩියම් හිදී පැවැති ක්‍රිකට් තරග​යෙන් එම්. අයි. එමිරේට්ස් කන්ඩායම ලකුණු 157ක විශිෂඨ ජයක් ලැබුවා.

මෙහිදී කාසියේ වාසිය දිනාගත් ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම මුලින් පන්ඳු යැවීමට තෝරාගත්තා.

එම්. අයි. එමිරේට්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 3කට ලකුණු 241 රැස්කලා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම පන්ඳු ඕවර 12.1 තුල සියලුම ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 84ක් පමණයි.

ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකල මතීෂ පතිරණ පන්ඳු ඕවර 4 යවා ලකුණු 58කට එක විකට්ටුවක් ලබාගත්තා.


අද පැවැත්වෙන තර​ග​ය

අබුඩාබි නයිට්රයිඩර්ස් කන්ඩායම සහ ඩුබායි කැපිටල්ස් කන්ඩායම අතර අද පැවැත්වෙන ක්‍රිකට් තරග​ය අබුඩාබිහි සයිඩ් ක්‍රිකට් ස්ටේඩියම්හිදී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

අබුඩාබි නයිට් රයිඩර් ස් කන්ඩායම නියෝජනය කරමින්

  • ලහිරු කුමාර
  • චරිත් අසලංක
  • ධනංජය ද සිල්වා
  • ට්‍රේවින් මැතිව් ක්‍රීඩා කිරීමට නියමිතයි

ඩුබායි කැපිටල්ස් කන්ඩායම නියෝජනය කරමින්

  • දසුන් ශානක
  • භානුක රාජපක්ෂ
  • ඉසුරු උදාන
  • නිරෝෂන් දික්වැල්ල
  • චාමික කරුණාරත්න ක්‍රීඩා කිරීමට නියමිතයි
Share.

Comments are closed.