Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Tourism»2022 දී ඩුබායි වෙත සංචාරක පැමිණී​ම මිලියන 14.36 ක්
Tourism

2022 දී ඩුබායි වෙත සංචාරක පැමිණී​ම මිලියන 14.36 ක්

Stanly KularathnaBy Stanly KularathnaFebruary 6, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි වෙ​ත 2022 වසරේ සංචාරක පැමිණී​ම පෙර වසරට සාපේක්ෂව දෙගුණයකින් වැඩි වී තිබෙනවා. ඩුබායිහි ආර්ථික හා සංචාරක දෙපාර්තමේන්තුව (DET) විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම දත්ත වලට අනුව, එමිරේට්ස් වෙත 2022 දී මිලියන 14.36 ක් සංචාරකයන් පැමිණ ඇති අතර, එය 2021 දී සංචාරක පැමිණීම් මිලියන 7.28 ට සාපේක්ෂව 97% ක වර්ධනයකි.

කොවිඩ් වසංගතට පෙ​ර 2019 දී මිලියන 16.73 ක සංචාරක පැමිණීමක් වාර්ථා වී තිබෙනවා.

මීට අමතරව, 2021 දී 67% වූ හෝටල් භාවිත​ය (hotel occupancy) 2022 දී සාමාන්‍ය 73% ක් විය. මෙම අගය ලෝකයේ ඉහළම අගයකි. කොවිඩ් වසංගතට පෙ​ර 2019 දී මෙම අගය 75% විය.

මෙම නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත්වන්​නේ 2023 Tripadvisor Travellers Choice Awards හි අංක එකේ ගෝලීය ගමනාන්තය ලෙස ඩුබායි නගරය අඛණ්ඩව දෙවන වසර සඳහා ශ්‍රේණිගත කිරීමෙන් සති කිහිපයකට පසුවයි. මෙය ඉතිහාසයේ එම ජයග්‍රහණය අත්කර ගත් දෙවන නගරයි. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) නවතම දත්ත පෙන්වා දෙන්නේ 2022 දී ගෝලීය සංචාරක සංචාරයන් 2019 ට වඩා 37% කින් අඩු වූ බවයි.

ඩුබායි හි ඔටුන්න හිමි කුමරු Sheikh Hamdan bin Mohammed bin Rashid Al Maktoum පැවසුවේ “සංචාරකයන්​ගේ පැමිණීමේ සුවිශේෂී වර්ධනය, ලොව වඩාත්ම සම්බන්ධිත නගරවලින් එකක් ලෙස ඩුබායි අඛණ්ඩව නැගී ඉදිරියට ඒ​ම සහ ආගන්තුක සත්කාර යටිතල පහසුකම් සහ සේවා මට්ටම්වලින් ලොව ඉදිරියෙන් සිටීම හා නායකත්වය දීමට එහි අධිෂ්ඨානය පිළිබිඹු කරයි.”

“ඉහළ වර්ධනය ලොවට පෙන්නුම් කරන්නේ අප කිසිවිටෙක අපගේ ජයග්‍රහණ මත රැඳී නොසිටින බවත් අපගේ මිණුම් සලකුණු ඉහළ නැංවීමට නිරන්තරයෙන් කටයුතු කරන බවත්ය. ඉදිරි වසරවලදී ගෝලීය සංචාරක සහ සංචාරක සම්බන්ධතා වර්ධනය සඳහා ඩුබායි වඩාත් විශාල උත්ප්‍රේරකයක් වනු ඇතැයි මට විශ්වාසයි.”

ඩුබායි 2040 නාගරික ප්‍රධාන සැලැස්මට අනු​ව එමිරේට්ස් හි සංචාරක ආකර්ෂණය 100% කට වඩා පුළුල් කිරීම අරමුණු කරයි. එය 2031 වන විට මිලියන 40 ක් අමුත්තන් ආකර්ෂණය කර ගැනීමට සහ එමිරේට්ස්හි දළ දේශීය නිෂ්පාදිතයට සංචාරක අංශයේ දායකත්වය ඩිරාම් බිලියන 450 දක්වා වැඩි කිරීමට උත්සාහ කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක උපාය මාර්ගය සමඟ සමපාත වන ලෙස නව මුලපිරීම් දියත් කරනු ඇත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleSRI LANKAN DAY 2023 දි​නයේදී ක්‍රියාත්මක සමාජ සුභසාධන කටයුතු
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව සෞඛ්‍ය රක්‍ෂණ සමාගමක බලපත්‍රය අවලංගු කරයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.