ජාතික හැඳුනුම්පත්, ජාතිකත්වය, රේගු සහ වරාය ආරක්‍ෂාව සඳහා වූ Federal Authority (ICP) විසින් දියත් කරන ලද මෙම නව සේවාව මඟින් අමුත්තන්ට නිකුත් කරන ලද සියලුම වර්ගයේ වීසා බලපත්‍රවල වලංගු කාලය දින 60ක් සඳහා එක් වරක් පමණක් දීර්ඝ කිරීමට ඉඩ ලබා දෙනවා.

අමුත්තන් රට තුළට ඇතුළු වීමට පෙර ICP වෙබ් අඩවිය හෝ එහි යෙදුම හරහා UAE PASS හරහා එය මාර්ගගතව සිදු කළ යුතු අතර එයට ඩිරාම් 200ක් වැය වෙනවා.

කෙසේ වෙතත්, ඊට අමතර​ව ගෙවිය යුතු ගාස්තු කීපයක් ​ද තිබෙනවා. ස්මාර්ට් සේවා සඳහා ඩිරාම් 100, අයදුම් පත්‍රය සඳහා ඩිරාම් 50 සහ අධිකාරිය පාරිභෝගිකයින්ට සපයන ඉලෙක්ට්‍රොනික සේවා සඳහා ඩිරාම් 50කි.

මෙයින් අදහස් කරන්නේ මුලු එකතුව ඩිරාම් 400 ක් වන අතර එය දැනටමත් ඩුබායි හි සිටින අමුත්තන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එක් වරක්, අමතර දින 30 කින් වීසා බලපත්‍රයක් අලුත් කිරීමේදී ගෙවිය යුතු ගාස්තුවට වඩා අඩු මුදලකි.

මෙම ක්‍රියාවලිය සඳහා, අයදුම්කරුවන් අවශ්‍ය දත්ත පුරවා අවශ්‍ය ලියකියවිලි අමුණා අයදුම්පත මගින් ක්‍රියාවලිය ආරම්භ කිරීමට ගාස්තු ගෙවිය යුතුය.

ඉන් පසු, දින 30ක් ඇතුළත තමන් සාර්ථක වී ඇත්දැයි විද්‍යුත් තැපෑලක් මගින් දැනුම්දීම සිදු කෙරෙනවා.

Share.

Comments are closed.