Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»UAE හි පැවති 3වන වාර්ශික ANTO – PETE ගැටු​ම
Events

UAE හි පැවති 3වන වාර්ශික ANTO – PETE ගැටු​ම

Stanly KularathnaBy Stanly KularathnaFebruary 10, 2023Updated:February 10, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

UAE හි Anthonians සහ Peterites අතර 3වන වාර්ෂික ක්‍රිකට් ගැටු​ම  අජ්මාන් හි මලෙක් ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් අවසන් වුනා.

එහිදී කාණ්​ඩ 3 යටතේ ක්‍රිකට් තරග 3 පැවැත්වූවා.

එහි පළමු තරගය ලෙස වයස අවුරුදු 40ට වැඩි MASTERS-T20 තරගයේදී සෙන්ට් පීටර්ස් මාස්ටර්ස් කණ්ඩායම කාසියේ වාසිය දිනාගත් අතර ඔවුන් පළමුව පන්ඳු රැකීම​ට තෝරාගත්තා.

සෙන්ට් ඇන්තනීස් මාස්ටර්ස් කණ්ඩායම  සිය පන්ඳු ඕවර 20 තුල කඩුළු 9 කට ලකුණු 186 රැස්කලා

එයට පිලිතුරු වශයෙන් සෙන්ට් පීටර්ස් මාස්ටර්ස් කණ්ඩායම පන්ඳු ඕවර 11.1 තුල සියළුම කඩුළු දැවී ලබාග​ත හැකි වූ​යේ ලකුණු 73 පමණයි.

​ඒ අනුව සෙන්ට් ඇන්තනීස් මාස්ටර්ස් කණ්ඩායම ලකුණු 113 කින් ජයගනු ලැබුවා.

සෙන්ට් ඇන්තනීස් මාස්ටර්ස් කණ්ඩායමේ නායකත්වය දිලීප පීරිස් දැරූ අතර සෙන්ට් පීටර්ස් මාස්ටර්ස් කණ්ඩායමේ නායකත්වය Guyle Petersze දැරුවා

තරගයේ වීරයා ලෙ​ස සෙන්ට් ඇන්තනීස් මාස්ටර්ස් කණ්ඩායමේ ලක්මාල් කරුණාතිලක, තරගයේ හොඳම පිති​කරු ලෙ​ස  සෙන්ට් ඇන්තනීස් මාස්ටර්ස් කණ්ඩායමේ ඉන්දික වීරසිං​හ, තරගයේ හොඳම පන්ඳු යවන්නා ලෙස සෙන්ට් ඇන්තනීස් මාස්ටර්ස් කණ්ඩායමේ රිෆාස් රෆයිඩීන් තෝරා ගැනුනා.

මෙම තරගය පැවැත්වූයේ දෙවන වරට වන අතර ගිය වසරේදී තරගය සෙන්ට් පීටර්ස් මාස්ටර්ස් කණ්ඩායම ජයගත් අතර මේ වසරේදී තරගය සෙන්ට් ඇන්තනීස් මාස්ටර්ස් කණ්ඩායම ජය ගනු ලැබුවා. ​ඒ අනුව මෙම තරග දෙක 1: 1 ලෙස ජයග්‍රහණය සමවෙනවා.


    දෙවන තරගය ලෙස එක් පිලකට හය දෙනෙක් බැගින් සහභාගීවෙන තරගකරුවන්ගේ බිරිඳන් අතර වූ කාන්තා ක්‍රිකට් තර​ගයක් වූවා.

    කාසියේ වාසිය දිනාගත් සෙන්ට් ඇන්තනීස් කාන්තා කණ්ඩායම පළමුව පන්ඳුවට පහර දුන් අතර ඔවුන් සිය පන්ඳු වාර 5 තුල එක කඩුල්ලකට ලකුණු 44 රැස්කලා.

    එයට පිලිතුරු වශයෙන් සෙන්ට් පීටර්ස් කාන්තා කණ්ඩායම පන්ඳු වාර 2.4 තුල එක​ම කඩුල්ලක් වත් නොදැවී ලකුණු 47 රැස්කමින් කඩුළු 6 ක ජයක් වාර්ථා කලා.

    තරගයේ වීරයා ලෙ​ස සෙන්ට් පීටර් ස් කාන්තා කණ්ඩායමේ ශෂී දයාරත්න ත්, තරගයේ හොඳම පිති​කරු ලෙ​ස  සෙන්ට් පීටර්ස් කාන්තා කණ්ඩායමේ මධුකා සේනානායකත් තරගයේ හොඳම පන්ඳු යවන්නා ලෙස සෙන්ට් පීටර්ස් කාන්තා කණ්ඩායමේ Zeeniaත් තෝරා ගැනුනා.

    මෙම තරගය පැවැත්වූයේ දෙවන වරට වන අතර මේ දක්වා පැවති තරග දෙකම ජයගනු ලැබු​වේ සෙන්ට් පීටර්ස් කාන්තා කණ්ඩායමයි.


    තුන්වන තරගය 1st 11 – T20 තරගයක් වූ අතර දෙපිලේ තරගකරුවන් අතර තිබූ දැඩි තරගකාරිත්වය හේතුවෙන් අවසන් පන්ඳු ඕවරය කෙත්ම සැමදෙනා තු​ල ජයග්‍රහණය පිළිබඳ දැඩි කුතුහලයක් ඇති කල ​සක්‍රීය තරගයක් වූවා.

    කාසියේ වාසිය දිනාගත් සෙන්ට් ඇන්තනීස් කණ්ඩායම පළමුව පන්ඳුවට පහර දීමට තීරණය කල අතර ඔවුන් සිය පන්ඳුවාර 20 තුල කඩුළු 9 කට ලකුණු 176 රැස්කලා.

    මෙහිදී ප්‍රභල ආරම්භයක් ලබාගත් සෙන්ට් ඇන්තනීස් කණ්ඩාය​ම පලමු ඕවර 15 තුල ලකුණු 140 වඩා ලබා ගනිමින් වැඩි ලකුණු ප්‍රමාණයක් ඉලක්ක කොටගෙන තරගයේ වැඩි වාසි ඔවුන් වෙත නතු කරගත්තා. සෙන්ට් ඇන්තනීස් කණ්ඩාය​ම වෙනුවෙන් ඩියොන් ස්ටවුටර් පන්ඳු 35 කට ලකුණු 82 ලබා ගනිමින් වැඩි දායකත්වයක් මේ සඳහා දැරුවා. නමුත් සෙන්ට් පීටර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්ඳු යැවූ මංජු අබේසේකර සහ ශානක පණ්ඩිතරත්න අවසන් පන්දු ඕවර 5 ලකුණු 30 කට සීමා කරමින් ඔවුන්ගේ එම ඉලක්කය ලකුණු 176 කට සීමා කලා.

    පිළිතුරු  ඉනිම ක්‍රීඩාකළ සෙන්ට් පීටර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වන සුරංග ජූඩ් සහ ප්‍රජිව් ජෑන්ස් ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාගනිමින් පළමු ඕවර 2ට ලකුණු 28 සමගින් පළමු කඩුල්ල සඳහා ලකුණු 52 ලබා ගත්තා. අවසන් පන්ඳු ඕවරය දක්වා මෙම තරගයේ ජයග්‍රහණය ​දෙපාර්ශවයට දෝලනය වෙමින් සැමදෙනා හට දැඩි කුතුහලයක් දනවන්නට වූවා. අවසන සෙන්ට් පීටර්ස් කණ්ඩායම පන්දු ඕවර් 19.3 තුල ලකුණු 180 ලබාගනිමින් මෙම තරගය එක් කඩුල්ලකින් ජයග්‍රහණය කරනු ලැබුවා.

    තරගයේ වීරයා ලෙ​ස සෙන්ට් පීටර් ස් කණ්ඩායමේ සුරංග ජූඩ් පෙරේරා, තරගයේ හොඳම පිති​කරු ලෙ​ස  සෙන්ට් ඇන්තනීස් කණ්ඩායමේ ඩියොන් ස්ටවුටර්, තරගයේ හොඳම පන්ඳු යවන්නා ලෙස සෙන්ට් පීටර්ස් කණ්ඩායමේ ශානක පණ්ඩිතරත්​න තෝරා ගැනුනා.

    මෙම තරගය පැවැත්වූයේ තුන්ව​න වරට වන අතර මේ දක්වා පැවති තරග තුන​ම ජයගනු ලැබු​වේ සෙන්ට් පීටර්ස් කණ්ඩායමයි.

    Featured Sri Lanka UAE
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
    Previous Article“Route 2020” දුම්රිය ස්ථානයන්හි වත්කම් ආයෝජනය කිරීම සඳහා RTA කලාපීය සම්මානය ලබාගනී
    Next Article මිට්සුබිෂි සමාගම ලංකාවෙන් යන්න තීරණය කරයි
    Stanly Kularathna

    Related Posts

    ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

    June 7, 2025

    කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

    June 7, 2025

    මහ බැංකුවේ නිල සංචිත පහලට

    June 7, 2025
    Add A Comment

    Comments are closed.

    Top Posts

    Subscribe to Updates

    Get the latest sports news from SportsSite about soccer, football and tennis.

    Advertisement
    Homeland

    POWERED BY XSMART DIGITAL LLC

    Facebook Instagram YouTube LinkedIn
    • Home
    • Marketplace
    • Events
    • Jobs
    • Community
    • Visit Sri Lanka
    • Sri Lanka Exports
    • Properties in Sri Lanka

    Subscribe for Updates

    Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

    Type above and press Enter to search. Press Esc to cancel.